සිරියාවේ ඉඩ්ලිබ් ප්‍රාන්තයට ප්‍රහාර එල්ල නොකරන ලෙසට ඇමෙරිකා ජනපති අනතුරු අඟවයි

  👤  1701 readers have read this article !
Published by : MB WEB 2018-09-05 13:11:38

සිරියාවේ කැරැලිකරුවන් අල්ලාගෙන සිටින ඉඩ්ලිබ් ප්‍රාන්තයට ඉවක් බවක් නැතිව පහර නොදෙන ලෙස සිරියා ජනාධිපති බෂාර් අල්-අසාද්ට මෙන්ම ඔහුට හිතවත් ඉරානයට හා රුසියාවටත් ඇමෙරිකාව අනතුරු අඟවයි.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එවැනි ප්‍රහාරවලින් සිය දහස් ගණන් ජනතාව මරණයට පත්විය හැකි යැයිද ප්‍රකාශ කළේය. එවැනි මානව ඛේදවාචකයක කොටස්කරුවන් වුවහොත් රුසියාවත් ඉරානයත් සිදු කරන්නේ මානුෂිකත්වය අතින් ඉතා බරපතළ වරදක් යැයිද ට්‍රම්ප් පැවැසීය.

එහෙත් සිරියා ජනාධිපති අසාද් ඉඩ්ලිබ් ප්‍රාන්තය කැරලිකරුවන්ගෙන් මුදා ගැනීම සඳහා අදියර කීපයකින් ඔවුනට පහර දීමට සූදානම් වෙතැයි රොයිටර් පුවත් සේවයට වාර්තා වී තිබේ. රුසියා හමුදාවල මෙන්ම ඉරාන හමුදාවලද සහාය ලබන ජනාධිපති අසාද්ට එරෙහිව වසර හතක් තිස්සේ සිවිල් යුද්ධයකයෙදී සිටින සිරියා කැරැලිකරුවන් අතට අන්තිමට පත්වූයේ ඉඩ්ලිබ් ප්‍රාන්තය හා ඒ අවට ප්‍රදේශයයි. එහි සාමාන්‍ය වැසියෝ තිස් ලක්ෂයක් පමණ ජීවත් වෙති.

2017 දී ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමග වඩාත් සමීප සම්බන්ධතා ගොඩනඟා ගැනීමේ උත්සාහයක යෙදෙන නමුත් රුසියාව සිරියා ජනාධිපති අසාද්ට රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් සහාය නොදෙන තැනට නම්මා ගැනීමට ඇමෙරිකා එක්සත් ජනපදයට හැකිවී නැත. කවරම රජයක් හෝ ඉඩ්ලිබ් එල්ල කරන ප්‍රහාරයක් දෙස ඇමෙරිකාව බලන්නේ එය සිරියා යුද්ධය වඩාත් දරුණු අතට හැරවීමේ ප්‍රයත්නයක් ලෙස යැයි ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ ප්‍රකාශ කෙළේය.

ඩැමස්කසයෙන් රසායනික අවි ප්‍රහාරයකට ඇමෙරිකාව ඒකාන්තයෙන්ම ප්‍රතිචාර දක්වන බවද ඔහු පැවැසීය. තමන් සිරියාව සමඟ සාකච්ඡා කිරීමට තීරණය කර ඇති හෙයින් ඉඩ්ලිබ් ප්‍රාන්තයෙන් ඉවත් වන ලෙස ඉරානය කැරැලිකරුවන්ගෙන් ඉල්ලා ඇත. ඉරාන විදේශ ඇමැති ඒ පිළිබඳ සැලැසුම් සාකච්ඡා කර ගැනීම ස¼දහා ඩැමස්කස්හි සංචාරයකද යෙදුණේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon