නව පත්විම ලද රුසියානු ආරක්ෂක උපදේශක නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි

  👤  1334 readers have read this article !
Published by : MB WEB 2018-09-05 15:13:51

ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා මහතා අද (05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ මහතා හමු විය.

එහිදී, නාවික හමුදාධිපතිතුමන් විසින් නව රුසියානු ආරක්ෂක උපදේශක වරයා වෙත සුභ පැතුම් එක් කළ අතර, ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කීපයක් පිළිබඳව ඔවුන් අදහස් හුවමාරු කර ගන්නා ලදි. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon