අප කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ-අග්‍රමාත්‍ය

  👤  1029 readers have read this article !
Published by : MB WEB 2018-09-05 17:00:28

වත්මන් රජය අධිකරණයට බලපෑම් නොකරන බවත් විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබු බවත් තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවන බවත් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (5)පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

පසුගිය කාලයේ මෙරට සිදු වූ බරපතල දූෂණ වංචා පිළිබඳව නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණය පිහිටුවීමේ පනත සම්මත කරගනු ලැබුවා. පනතට අදාළව කොපමණ අධිකරණ සංඛ්‍යාවක් පිහිටුවා තිබේ ද? බැදුම්කර පරීක්ෂණයේ වර්තමාන තත්ත්වය කුමක්ද ? දැයි අග්‍රාමාත්‍යවරයාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාවේ දී දී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසී ය.

 එක් විශේෂ මහධිකරණයක් බස්නාහිර පළාතේ පිහිටුවා තිබෙනවා.තවත් විශේෂ මහාධිකරණයක් බස්නාහිර පළාතේ පිහිටුවීමට කටයුතු කරමින් සිටිනවා.මහාභාණ්ඩාගාර බැදුම්කර නිකුතුව පිළිබඳ පරික්ෂා කිරීම සහ විමර්ශනය කිරීම සඳහා පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපතිතුමන් වෙත භාර දුන්නා.එකී වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය බලාත්මක කරන ආයතන වන නීතිපතිතුමා වෙත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරි කටයුතු කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය විසින් වාර්තාවේ පිටපත් යොමු කර තිබුණා.

එකී වරදකරුවන්ට දඬුවම් ලබාදීම දනට පවතින නෛතික ප්‍රතිපාදන අනුව සිදු කරනු අත.අදිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ දී යම් කාලයක් ගත වෙනවා.අප කිසිම ලෙසකින් අධිකරණයට බලපෑම් කරන්නේ නෑ.ආණ්ඩුව හා පාර්ලිමේන්තුව ලෙස අප කළ යුතු දේ කළා.විශේෂ මහාධිකරණයක් පිහිටුවනු ලැබුවා. තවත් මහාධිකරණයක් ළඟදීම පිහිටුවනවා. යුක්තිය සාධාරණය ඉටු කරන බවට විශ්වාසයි.

බැදුම්කර සිදුවීම ගැන තවම පරීක්ෂණ කරගෙන යනවා.අවසන් කළ අවස්ථාවේ දී ඒවා ඉදිරියට ගෙන යන්න පුළුවන්.මුදල් ආපසු ලබාගන්න කියලා යෝජනා කළේ කොමිෂමෙන්.මුදල් ලබාගත්තා කියලා අපරාධය නැතිවෙන්නේ නෑ. සිදුවීමට අදාළ අය පිටරට ඉන්නවා නම් ඒ පිළිබඳව නීතිය ක්‍රියාත්මක කර තිබෙනවා.එසේ ක්‍රියාකර නැත්නම්  දැනුවත් කරන්න.දන් පොලීසියටත් නීති පති දෙපාර්තමේන්තුවටත් පියවර ගන්න කියලා,දැනුම් දී තිබෙනවා. මේ පිළිබඳව කටයුතු කරන්න අවස්ථාව සළසා දී තිබෙනවා.අප එය වලක්වා නෑ.දැන් තිබෙන්නේ පළමුව පරීක්ෂණ අවසන් කිරීම යැයි ද අග්‍රාමාත්‍යවරයා පැවසී ය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon