වසර 20කට පෙර වැසී ගිය දියගම කනිටු විදුහලෙන් ප්‍රයෝජනයක් ගන්නා ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලති

  👤  1833 readers have read this article !
Published by : MB WEB 2018-09-06 07:14:30

දමුණුපොළ - චමින්ද ජයලත්

කෑගල්ල, හිරිවඩුන්න, දියගම කනිෂ්ඨ විද්‍යාලය වසා වසර 20කට වැඩි කාලයක් ගතව ඇති බවත් එහි ගොඩනැඟිලි මේ වන විට ගරාවැටෙමින් පවතින බවත්, ගොඩනැඟිලි බිමට සමතලා වීමට පෙර මොනයම් හෝ කටයුත්තකට යොදා ගන්නා ලෙස ගම්වාසී ජනතාව රජයෙන් ඉල්ලා සිටිති.

1942 වර්සයේ පොල් අතු මඩුවකින් ආරම්භ කර ඇති දියගම කනිෂ්ඨ විද්‍යාලයට අක්කර 2කට වැඩි භූමි ප්‍රමාණයක් ඇති බව ජනයා කියති. රඹුක්කන හිටපු තැපැල් ඇමැති එන්.එච්. කීර්තිරත්න මහතා 1965 වර්ෂයේදීගොඩනැඟිලි 2ක් ඉදිකර පසු කලෙක බුදු මැඳුරක්, වැසිකිළි පද්ධතියක් ඉදි කර පාසල දිනෙන් දින දියුණු කර ඇති බව ජනතාව කියති.

ආරම්භයේදී පළමු ශේ්‍රණියේ සිට 5 වැනි ශේ්‍රණිය දක්වා පන්ති පවත්වාගෙන ගොස් ඇති අතර පසු කලෙක 8 ශේ‍ර්ණිය දක්වාද පන්ති පවත්වාගෙන යමින් ප්‍රදේශයේ දරු දැරියන් 200කට ආසන්න පිරිසක් අධ්‍යාපනය ලබා තිබිණි. හිරිවඩුන්න, දියගම, වල්පොළ, ගිනිතිල්ලවල හා දිගනවත්ත ප්‍රදේශවල දරුවන් මෙම පාසලින් අධ්‍යාපනය ලබා ඇති අතර 1990න් පසුව නගරයේ පාසල්වල භෞතික සම්පත් ප්‍රමාණවත් ලෙස ලැබී යෑම හේතුවෙන් මවුපියන්ද, ග්‍රාමීය පාසල්වලින් තම දරුවන් නගරබද පාසල්වලට ඇතුළත් කිරීමේදී මෙම පාසලත් 1996 වර්ෂයේ සිට සම්පූර්ණයෙන් වැසී ගිය බව ජනතාව කියති.

වසර 22කට ආසන්න කාලයක් වසා දමා ඇති මෙම පාසල පැවැති ආණ්ඩුවලටත්, වර්තමාන ආණ්ඩුවටත් පෙන්වා දී ඇති අතර එදා සිට අද දක්වා ගොඩනැඟිලි විනාශ වී යමින් පවතින බවත්, මොනයම් හෝ කර්මාන්තශාලාවක්වත් ආරම්භකරන ලෙස ජනතාව ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිම පුද්ගලයකුගේ අවධානය මෙම පාසල වෙත යොමු වී නොමැති බවද ජනතාව කියති.

දියගම ශ්‍රී ලංකාරාම විහාරාධිපති, සාමවිනිසුරු පූජ්‍ය දියගම ධම්මවිමල ස්වාමීන් වහන්සේ

මෙම වැසී ගොස් ඇති පාසලේ මමත් ආදි ශිෂ්‍යයෙක්. ඒ කාලේ මෙම පාසල බොහෝම හොඳට තිබුණා. මේ ප්‍රදේශයේ දරු දැරියන් මෙම පාසලෙන් ඉගෙන ගත්තා. පස්සේ මගේ පන්සලට වතුර ගන්නකොට පාසලටත් වතුර දුන්නා. විදුලියත් දුන්නා. හැම පහසුකමක්ම තිබුණා. නගරයේ පාසල් දියුණු වීමත් සමඟම මෙම ග්‍රාමීය පාසලත් වැසී ගියා. ඒත් වර්තමානයේ 1 ශේ‍ර්ණියේ සිට 5 ශේ‍ර්ණියට පන්ති ආරම්භ කළත් එතැනින් එහාට දරුවකුට ඉගෙනුම ලැබීමට පාසලක් නෑ. ඒ නිසා මොනයම් හෝ කර්මාන්තශාලාවක්වත් ආරම්භ කරන ලෙස මම අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.

පී.පී.ජේ.ජේ. පතිරණ දියගම, හිරිවඩුන්න
මෙම පාසල නැවත පළමු ශේ‍ර්ණියේ සිට 5 ශේ‍ර්ණිය දක්වා ආරම්භ කරලා කෑගල්ල නගරයේ පාසලකට අනුබද්ධ කළොත් ප්‍රදේශයේ මවුපියන් තම දරුවා මෙම පාසලට යවනවා.

එසේ නොමැතිව මෙම පාසල ආරම්භ කර වැඩක් නෑ. මෙම පාසලට අක්කර 2කට වැඩි භූමි භාගයක් තිබෙනවා. පාසල ගරා වැටීමෙන් පස්සේ එහි ‍ෙදාර ජනෙල් ඇතැම් මිනිස්සු සොරෙන් ගලවාගෙන ගොස් තිබෙනවා. අද වන විට සම්පූර්ණයෙන්ම විනාශයට පත් වෙනවා. මේ නිසා අපි බලධාරීන්ට කිව්වා ඉඩම අක්කර 2ක් තිබෙන නිසා අරණායක සාමසර කන්ද නායගිය පවුල්වලට ලබාදෙන්න කියලා. ඒ කිසිම මැති ඇමැතිවරයකු ඊට මූලිකත්වය ගෙන කටයුතු කළේ නෑ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon