ලක්‍ෂ 46ක් වියදම් කළත් කහටගොල්ලෑව වැව හදා නෑ

  👤  2031 readers have read this article !
Published by : MB WEB 2018-09-07 07:54:13

කැබිතිගොල්ලෑව - හේමන්ත රණසූරිය

කැබිතිගොල්ලෑව - කහටගොල්ල වැවේ පවතින අවදානම් තත්ත්වය නිසා ගොවීන් ශෝකයට පත් වී ඇතැයි මහසෙන් ගොවි සංවිධානය පවසයි.

ගොවි සංවිධානයේ සභාපති පී.ඩබ්.ජී. ජයසිංහ මහතා සඳහන් කළේ කහටගොල්ලෑව වැව ප්‍රතිසංස්කරණය කළ පිරිස අහිංසක ගොවීන් මුළා කර මුදල් රිසිසේ බෙදාගෙන ඇති බවත් එය සහගහන අපරාධයක් බවත්ය.

කෘෂිකර්ම අමාත්‍යාංශය හා ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අනුග්‍රහය මත වැව ප්‍රතිසංස්කරණ කටයුතු කර තිබේ. මේ සඳහා ඇස්තමේන්තු මුදල රුපියල් ලක්‍ෂ 46 ඉක්මවයි. වැවේ වැඩ නිම කරන මාස හතරක පමණ කාලයක් ගත වී ඇත.

ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්‍ෂණය කිරීම සඳහා සෑම දිනකම ගොවීන් කිහිපදෙනකුම කටයුතු කර ඇත. ඔවුන් පෙන්වා දුන් අඩුපාඩු කිසිවක් කොන්ත්‍රාත්කරු වන යූ. බන්දුපාල මහතා පිළිඅරගෙන නැතැයි කී ගොවි සංවිධානයේ සභාපති වැඩිදුරටත් කියා සිටියේ වැඩ අනුමත කළ කාර්මික නිලධාරියා මෙම ජාතික අපරාධයට වගකිවයුතු බවය.

වෑකන්ද සමතලා නොකර බොරලු දමා තිබේ. ඒවා තද වීමට තළා නොමැත. වළවල් හා ගොඩැලි සහිත වෑකන්ද අප්‍රසන්නව පෙනේ. මේ වන විට සියලු මුදල් ගෙවීම් කර ඇත. වැවේ බැම්ම බොහෝ තැන් දෙදරා ඉරිතැළී ඇත. ඒවා දකින විට සිහිපත් වන්නේ "යක්කු කට ඇරියා වගේ" යැයි ගොවි මහතෙක් කීය.
එළැඹෙන වර්ෂාව නිසා වැව පිරී ඉතිරි යනු ඇත. වැව් බැම්ම ඉරිතැළී පුපුරා ඇති නිසා අවදානමක් ඇත. අලුත්වැඩියා නොකරම තිබුණු වැව තිබුණු විදියටම තිබුණා නම් හොඳ බව ගොවීහු පවසති.

ගොවීන්ට සෙත සලසන මුවාවෙන් මෙවැනි වෙට්ටපිත්තල සල්ලි ගිලින බහිරවයන් සිටින තාක්කල් ගොවි ජනතාවට ඉදිරියේදී කැඳත් අහිමි වන බව ඔවුන්ගේ මතයයි.
ජනාධිපති මේ වෑකන්ද දිගේ ඇවිදගෙන ගියපු නිසා වැව බඳින්න උපදෙස් දුන්නා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා කහටගගොල්ලෑව වැවේ අවනඩුව විසඳලා දෙන්න කියා යැයි ගම් වැසියෝ එක හ¾ඩින් කියා සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon