16 වැනි ජාතික වුෂු තරගාවලිය ඔක්තෝබර් 01 සිට 4 දක්වා කොළඹදී

  👤  1479 readers have read this article !
Published by : MB WEB 2018-09-07 14:31:10

ශ්‍රී ලංකා වුෂු සම්මේලනය සංවිධානය කරන 16 වැනි ජාතික වුෂු තරගාවලිය ඔක්තෝබර් මස 01 දින සිට 04 වැනිදා දක්වා කොළඹ සුගතදාස ජාත්‍යන්තර ගෘහස්ථ ක්‍රීඩා පිටියේදී පැවැත්වේ. ඔක්තෝබර් මස 2 දා පෙ.ව. 10.00ට පැවැත්වෙන සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස පළාත් පාලන, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාද ගෞරවනීය ආරාධිතයන් ලෙස මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති චෙන් ෂුයුවාන් මහතාද සහභාගි වෙති.

මෙවර ජාතික තරගාවලිය සඳහා තාවුලු (නර්තන ශෛලිය), සන්දා (ද්වන්ධ සටන්) සහ සාම්ප්‍රදායික වුෂු (කුංෆු) ඉසව්වක්ද ඇතුළත්ව තිබේ.
එළැඹෙන නොවැම්බර් 28දා සිට 30 දා දක්වා චීනයේ නැංජින් නුවරදී පැවැත්වෙන ප්‍රථම ආසියානු සාම්ප්‍රදායික වුෂු (කුංෆු) තරගාවලියට තේරීම් තරගයක් ලෙස මෙම තරගාවලියට කුංෆු ඉසව්ව ඇතුළත් කර ඇත.

තාඔලු තරග ඉසව් දුෂ්කර අභ්‍යාස (ච්ඪටටඪජභතබ ර්ධමඥථඥදබඵ) සහිතව පැවැත්වෙන අතර, එසේම 03 වන අන්තර්ජාතික තරග තාඔලු ඉසව්ද ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දෙනු ලැබේ. එහෙත් 2019 නේපාලයේදී පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වුෂු තරග ඉසව් සඳහා ආරම්භ කරනු ලබන ජාතික වුෂු පුහුණු සංවිධානය සඳහා ඇතුළත් කරගනු ලබන්නේ දුෂ්කර අභ්‍යාස සහිත ඉසව් ක්‍රීඩා කරන තාඔලු ක්‍රීඩක-ක්‍රීඩිකාවන් පමණකි.

මෙවර ජාතික තරගාවලිය සඳහා දිවයිනේ වුෂු ක්‍රීඩා කරන සියලුම ක්‍රීඩක-ක්‍රීඩිකාවන් හට පෞද්ගලිකව අයැදුම් කළ හැකිය. එසේම පාසල් ක්‍රීඩක-ක්‍රීඩිකාවන් හටද උක්ත ඉසව් සඳහා තරගාවලිය විවෘතය. අයැදුම් කළ යුතු අවසන් දිනය වන්නේ සැප්තැම්බර් මස 25දාය. මේ සඳහා වැඩි විස්තර ප්‍රධාන විධායක නිලධාරි අමතා (0725319440) ලබාගත හැකි වන අතර, අයැදුම්පත් ප්‍රධාන විධායක නිලධාරි, ශ්‍රී ලංකා වුෂු සම්මේලනය, අංක 63 ඒ, එපිටමුල්ල පාර, පිටකෝට්ටේ, කොට්ටේ යන ලිපිනයට යොමු කළ යුතුය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon