මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩල සදහා කාර්යාල උපකරණ බෙදාදීම අද අගමැති ප්‍රධානත්වයෙන්

  👤  563 readers have read this article !
Published by : MB WEB 2018-09-08 10:21:16

ශාසනාරක්ෂක මණ්ඩලයවල කටයුතු පහසුකිරීමේ අරමුණීන් මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක කමණ්ඩලය සඳාහා කාර්යාල උපකරණ පිරිනැමීම අද (8) ප.ව. 4.00 ට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ශාසනාරක්ෂක මණ්ඩලවල කටයුතු කාර්යක්ෂමව කරගෙන යෑමේදී මෙතෙක් තිබූ අඩුපාඩු සපුරමින් පරිගණක උපාංග, ලැප්ටොප් පරිගණක සහ කාර්යාල මේස පුටු ඇතුළු අවශ්‍යතා මෙහිදී පිරි නැමෙනු ඇත.

මහනුවර දිස්ත්‍රික්කයේ ශාසනාරක්ෂක මණ්ඩලය 27 ක් සදහා මෙම පහසුකම් ලබා දෙනු ලබන අතර, මේ සදහා රුපියල් ලක්ෂ 60 කට අධික මුදලක් වැය කරනු ලැබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon