ඉන්දුනීසියා නාවික හමුදාවට අයත් “ක්‍රී සුල්තාන් හසානුඩීන්” නෞකාව කොළඹ වරායට සේන්දු වේ

  👤  1056 readers have read this article !
Published by : MB WEB 2018-09-09 12:42:54

ඉන්දුනීසියානු නාවික හමුදාවට අයත් "ක්‍රී සුල්තාන් හසානුඩීන්" නෞකාව ඊයේ(08) සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට ‍සේන්දු විය. එහිදී නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව පිළිගත් අතර, එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද සහභාගී වී සිටියහ.

ඉන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී, කොමාණ්ඩර් සෙසෙප් හිදයාට් මහතා (Commander Cecep Hidayat) ඇතුළු ඉන්දුනීසියානු නියෝජිත පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී, බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා හමුවිය. එහිදී ඔවුන් ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව සුහද පිළිසදරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි 120 දෙනෙකුගෙන් යුත් නෞකා කාර්යය මණ්ඩලය දිවයිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා ද සහභාගී වීමට නියමිතව ඇත. නිල සංචාරයෙන් අනතුරුව එළඹෙන සැප්තැම්බර් 10 වන දින මෙම නෞකාව ‍කොළඹ වරායෙන් පිටත් වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon