මාර්ගය පුළුල් කිරීමට කපා දැමූ පස් මාඋස්සාකැලේ ජලාශයට

  👤  1850 readers have read this article !
Published by : MB WEB 2018-09-10 08:08:53

හැටන් - චන්න අද්දරගේ

මස්කෙළිය නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගය මෝහිනී දියඇල්ල ප්‍රදේශයේ පුළුල් කිරීමෙන් කපා ඉවත් කළ විශාල පස් තොගයක් මාඋස්සාකැලේ ජලාශයට බැහැර වීමේ ක්‍රියාදාමයක් පවතී.

එම පස් සෘජුවම ජලාශයට එක්වීම හා ජලාශ ඉවුරේ තැන්පත්ව ඇති පස් වැසි ජලය සමඟ මුසුවීම නිසාත් ජලාශයට එක්වේ. එමෙන්ම මාර්ග දෙපස තැන්පත් කර තිබෙන ස්ථානවලදී බාහිර ප්‍රදේශවලින් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන් රැගත් වාහන මාර්ග අයිනට කර නැවැත්වීමට උත්සාහ කිරීමේදී එම පස් තට්ටුව සමඟ ගිලා බැසීමට ලක්වීම නිසා විශාල අනතුරු හා ජීවිත හානි සිදුවීමේ අවදානමක්ද පවතී.

එමෙන්ම මෙරට ජාතික ජල විදුලිය බල පද්ධතියට විශාල දායකත්වයක් ලබාදෙන ලක්ෂපාන, නව ලක්ෂපාන, කැණියෝන් හා පොල්පිටිය යන ජල විදුලිය බලාගාර සඳහා ජලය සැපයෙන ජලාශ දෙකෙන් එකක් වන මාඋස්සාකැලේ ජලාශය අක්කර ඝන අඩි 93,000ක ජල ධාරිතාවක් ඇති බව පැවැසූ මුත් ජලාශය ඉදිකිරීමෙන් පසුව මේ දක්වාම රොන් මඩ ඉවත් කිරීමක් සිදුකර නැත. මේ නිසා දැඩි නියඟය සහිත කාලවලදී විදුලිය
නිෂ්පාදනය මෙන්ම පානීය ජලය සපයා ගැනීමද ගැටලුවක් බවට පත්වන අවස්ථා වේ.

එවන් තත්ත්වයක් හමුවේ ජලාශයට විශාල පස් තොගයක් බැහැර කිරීම නිසා තවදුරටත් එහි ධාරිතාව අඩුවන අතර පාරිසරික බලපෑමකටද ලක්වනු ඇත. එසේම රටේ පොදු නීතිය මොවුන්ට ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි ජනතාව විමසති.

ඉහත ක්‍රියාවලිය පිළිබඳව මාර්ග සංවර්ධන අධිකාරියේ නෝර්වුඩ් ප්‍රාදේශීය ඉන්ජිනේරුවරයාගෙන් කළ විමසීමේදී ඒ මහතා පැවැසුවේ ශ්‍රී පාද වන්දනා කාලයට මෙම ප්‍රදේශයේ අධික රථවාහන තදබදයක් ඇතිවන නිසා මාර්ගය පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බවත් මේ සඳහා තියෙන්නේ ටිපර් දෙකක් හා පස් කපන යන්ත්‍ර දෙකක් පමණක් හෙයින් පස් වැඩිදුරකට ගෙනියන්න පහසුකම් නැති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon