රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙල හෙට ජනාධිපති ප්‍රධානත්වයෙන්

  👤  1300 readers have read this article !
Published by : MB WEB 2018-09-10 15:40:42

ආරියරත්න ගනේගොඩ

රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2018 ප්‍රදානෝත්සවය මේ මස 11 වැනිදා (හෙට) පස්වරු 3.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික ඇමති විජයදාස රාජපක්ෂ මහතාගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවයේදී 2017 වර්ෂය තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂාත්‍රයෙන්ම ප්‍රකාශිත විශිෂ්ටතම නිමාණාත්මක ග්‍රන්ථ හා ශාස්ත්‍රිය ග්‍රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවෝ රාජ්‍ය සම්මානයෙන් බුහුමන් ලබති.

එමෙන්ම සාහිත්‍ය ක්‍ෂේත්‍රය වෙනුවෙන් කළ දීර්ඝකාලීන සේවා දායකත්වය උදෙසා පිදෙන උසස්තම රාජ්‍ය සම්මානය වන සාහිත්‍ය රත්න අභිමානයද සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ක්‍ෂේත්‍ර සඳහා ජේ‍යෂ්ඨ සාහිත්‍යවේදීන් තිදෙනකුට ප්‍රදානය කෙරේ. මෙම සම්මාන ප්‍රදානෝත්සවය මෙවර පැවැත්වෙන්නේ 61 වැනි වරටය. රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සංවිධානය කරති.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon