වැවේ සංවර්ධනයට විදුලි රැහැන් හැරවීම ඉක්මන් කරන්නැයි ඉල්ලීම්

  👤  1842 readers have read this article !
Published by : MB WEB 2018-09-11 06:47:24

ලුණුවිල-රෝස් කොලින්

වැව් දහසක්, ගම් සහසක් යන රජයේ සංවර්ධන වැඩසටහනට සමගාමීව වෙන්නප්පුව මැතිවරණ කොට්ඨාසයට අයත් නැඟෙනහිර කිරිමැටියාන ප්‍රදේශයේ වසර ගණනාවක සිට ගොඩවී ගොස් තිබූ කැකුණගහ වැව පිළිසකර කර සංවර්ධනය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙයි.

වයඹ පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ මඟපෙන්වීම මත නැගෙනහිර කිරිමැටියාන ගොවි සමිතිය මඟින් මෙම සංවර්ධන කටයුතු මේ දිනවල සිදුවන නමුත් එම වැව මතින් වැටී ඇති විදුලි රැහැන් මාර්ග දෙකක් එම කටයුතුවලට බාධාවක් බව එම ගොවි සංවිධානය මාධ්‍යයට කියයි. මෙම විදුලි රැහැන් මාර්ග දෙක එතැනින් ඉවත් කර වැව වටා ගමන් කරවීම සඳහා විදුලිබල මණ්ඩලය මේ වන විට රුපියල් 34,000ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර ඇති අතර එම කටයුතු කඩිනම් කරදීම වැවේ සංවර්ධන කටයුතුවලට සහායක් බව ජනතාව පෙන්වා දෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon