විශ්වමඩු ප්‍රදේශවාසින් සඳහා භට පිරිස් විසින් පානීය ජලය බෙදාදේ

  👤  1353 readers have read this article !
Published by : MB WEB 2018-09-12 14:04:16

මේ දිනවල පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් ව සිටින සිවිල් වැසියන් සඳහා එම ප්‍රදේශය පුරා ජංගම පානීය ජලය සැපයීමේ සේවාවක් කිලිනොච්චි 57 වන සේනාංක මුලස්ථානය විසින් සැප්තැම්බර් 4 වන දින සිට දියත් කර ඇත.

පවතින දැඩි නියං කාලගුණික තත්වය හේතුවෙන් ජල උල්පත් හා ජල මුලාශ්‍ර සිදීයාම හේතුවෙන් පීඩාවට පත් ව සිටින විශ්වමඩු ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි පසුගිය සතිය ආරම්භයේ සිට 57 වන සේනාංක මුලස්ථානය සහ 572 වන බලසේනාංකයට අයත් 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සහ 14 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භට පිරිස් විසින් ජල බවුසර් උපයෝගි කරගනිමින් පානීය ජලය බෙදාදෙනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon