දුමාල්ගේ පිස්සුවක් බිරිය හෙළිකරයි

  👤  3461 readers have read this article !
Published by : MB WEB 2018-09-17 07:01:25

දුමාල් වර්ණකුලසූරිය කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂයෙක්. ඔහු සංගීත ක්ෂේත්‍රයේ හොඳ අඩියක් මේ වෙනකොට තියලා ඉවරයි. ගායකයෙක් විදියට දන්න දුමාල් සැබෑ ජීවිතේ සැමියෙක් වගේම පියෙක්. වෘත්තීය ජීවිතේදී වගේම සැබෑ ජීවිතේ දුමාල් කොයි වගේද? ඒ ගැන අපි ඇහුවේ ඔහුගේ බිරිය ෂෙන්යා වර්ණකුලසූරියගෙන්.

පෙම්වතා කාලේ දුමාල් සහ දැන් දුමාල්?

පෙම්වතුන් විදියට ආශ්‍රය කරපු කාලෙයි දැනුයි වෙනසක් නෑ. එකම වගේ තමයි. ඒ කාලෙත් එයා මට ගොඩාක් ආදරෙයි. මං ගැන හොයලා බලනවා. කොහේ හිටියත් කෝල් කරලා හරි මං ගැන හොයනවා එයා.

තාත්තා කෙනෙක් විදියට?

ඇත්තටම අපේ දුව ගිය ආත්මේ ලොකු පිනක් කරලා තියෙනවා. මොකද දුමාල් ඒ තරම් දුවට ආදරෙයි. දුමාල් රෑ වෙලා ගෙදර ආවත් ඒ ඇඳුම පිටින්ම දුවව වොෂ් කරනවා. ෆීල්ඩ් එකේ ඉන්න සීනියර්ස්ලත් කියනවා දුමාල් දුව වෙනුවෙන් ගොඩාක් දේවල් කරනවා කියලා. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී දුව ගැන දුමාල්ට කිසිම පසුතැවිල්ලක් නැහැ. මගේ තාත්තා හරිම කාර්යබහුල ජීවිතයක් ගත කළේ. ඒ නිසා මගේ ජීවිතේ මම මෙච්චර ආදරණීය තාත්තා කෙනෙක් දැකලා නෑ.

දුව වැඩිපුරම එකතු දුමාල්ටද? ඔයාටද?

දුව හරිම කපටියි. මාත් එක්ක ඉඳිද්දී අම්මාට ආදරෙයි කියලා මාත් එක්කම ඉන්නවා. හැබැයි දුමාල් ආවම එයාත් එක්කමයි ඉන්නේ. එයා වැඩිපුර ආදරේ නම් දුමාල්ට තමයි.

ගෙදරදි කොයි වගේ කෙනෙක්ද?

දුමාල් හරිම සංවේදී චරිතයක්. ගෙදරදී හරිම නිදහසේ ඉන්නවා. එළියෙදී දකින කෙනා නෙවෙයි ගෙදරදී ඉන්නේ. එළියෙදී කවුරු හරි කතා කළොත් කතා කරනවා. හැබැයි ලොකුවට කතාවට යන්නේ නෑ. ගෙදරදී එහෙම නෑ. එයාට මැසෙන්ජර් එකෙන් කවුරුහරි මැසේජ් කළත් ඒකට රිප්ලයි කරනවා. සමහර වෙලාවට මම දැක්කොත් මම කියනවා එයාට මැසේජ් එකක් ඇවිල්ලා තියෙනවා කියලා. සමහර වෙලාවට එයාගෙන් රිප්ලයි එක අහලා මම රිප්ලයි කරන අවස්ථාත් තියෙනවා.

දුමාල් වගකීමක් දරන්න පුළුවන් කෙනෙක්ද?

වගකීම් දරන්න එයාට පුරුදු කරවලා තියෙන්නේ දුමාල්ගේ අම්මා. දුමාල් චූටි කාලේ ඉඳන්ම අම්මා ඒක හොඳට උගන්නලා තියනවා.
දුර ගමනක් යනකොට දුමාල්මයි එයාගේ ඇඳුම් අයන් කරගන්නේ. උදෙන්ම යන වෙලාවට අපිව ඇහැරවන්නේ නෑ. ‍ෙදාර වහගෙන යනවා. මගේ යාළුවොන්ට එයාලාගේ හස්බන්ඩ්ලාගෙන් හරියට කරදර. හැමදේම කරලා දෙන්න ඕන. හැබැයි මට එහෙම නෑ.

පවුල් ජීවිතේට දීලා තියෙන තැන?

දුමාල්ගේ ජීවිතේ මුල් තැන දීලා තියෙන්නේ පවුල් ජීවිතේට. මට දුවව හම්බවෙන්න හිටපු කාලෙදීත් එයා වැඩ මඟහැරගෙන මාත් එක්ක හිටියා. ටුවර්ස් මඟහැරුණා. දුකයි මට ඒ ගැන. ඉස්සර දුමාල්ගේ ජීවිතේ අංක එක මියුසික්. හැබැයි දැන් පවුල් ජීවිතය තමයි අංක එක.

දුමාල්ට නැතුවම බැරි කෙනා?

දුව තමයි නැතුවම බැරි කෙනා. මටත් ආදරෙයි. හැබැයි දුවත් එක්ක තියන බැඳීම් වැඩියි. හැබැයි එහෙම වෙන්නත් හොඳ නෑ. එක පාරක් දුවට සෙම වැඩිවෙලා නෙබියුලයිස් කළා. ඒ වෙලාවේ දුමාල් අඬන්න ගත්තා. ඒක නිසා ඩොක්ටර් එයාව රූම් එකෙන් එළෙව්වා.

දුමාල්ට දුකක් හිතුණාම?

ඒ දේ මට කියනවා. දුමාල් හරිම සංවේදීයි. වචනෙටත් දුක හිතෙනවා. දුක හිතුණු වෙලාවට හරිම අප්සට් එකේ ඉන්නේ. කන්නෙවත් නෑ. මොකද දුමාල් කියන්නේ හරිම අඩුවෙන් වැරැදි කරන කෙනෙක්.

සතුටක් දැනුණාම?

සතුටක් දැනුණාම ඒ ගැන මට කියනවා. එකම දේ ආයේ ආයේ කියනවා. සතුටක් දැනුණාම අපිව කෑමකට එළියට එක්ක යනවා. සරසවි සම්මාන හම්බවුණු වෙලේ එයා හරිම සතුටු වුණා. දුව හම්බවුණු වෙලෙත් එහෙමයි. හරිම සතුටකින් හිටියේ. ඒ සතුටට ඇඬුවත් එක්ක. දුව හම්බෙන්න ඉන්නකොට මුලින්ම ස්කෑන් කරලා පෙන්නනකොටත් සතුට වැඩිකමට එයාට ඇඬුණා.

දුමාල්ට කේන්ති ගියාම?

කේන්ති ගියාම පැත්තකට වෙලා පාඩුවේ ඉන්නවා. කාමරේට වෙලා ‍ෙදාර වහගෙන ඉන්නේ. ඒ වෙලාවට කතා කළොත් මොනවා කියවෙයිද දන්නේ නෑ කියලා තමයි සද්ද නැතුව ඉන්නේ. ඒ වෙලාවට එයා තනියම ඉන්නවා. භාවනා කරනවා. ගෙදර ඇතුළෙ වෙන ප්‍රශ්න අඩුයි. අපි හොඳ තේරුම් ගැනීමකින් ඉන්නේ.

නිවාඩුවක් ලැබුණාම යන්න කැමැති තැන්?

දුර තැන්වලට නම් යැවෙන්නේ නැහැ. එක දවසක් වගේ නම් කොහෙ හරි කෑම කන්න යනවා. දුවව සෙල්ලම් කරන්න එක්ක යනවා. දුමාල්ගේ ගෙදර යනවා. එහෙ තියෙන සැනසීම කොහෙවත් නෑ.

ලොකු ප්‍රශ්නයක් ආවම දුමාල් විසඳුම් හොයන්නේ කොහොමද?

එයා හැමදේම මාත් එක්ක කියනවා. මැරි කරන්න කලින් එයා හැමදේම අම්මාට කිව්වා. දැන් මට කියනවා. ප්‍රශ්න ආවම එයා කොහොමත් හිතලා මතලා වැඩ කරන කෙනෙක්.

දුමාල් ගායකයෙක් නොවුණා නම්?

දුමාල් ගායකයෙක් නොවුණා නම් ක්‍රිකටර් කෙනෙක් වෙයි. මොකද එයාට හොඳට ක්‍රිකට් සෙල්ලම් කරන්න පුළුවන්.

දුමාල්ගේ අතේ
වැඩිපුර සල්ලි තියෙද්දී?

ලෝබ නෑ. අත දිගඇරලා වියදම් කරනවා. දුවට තමයි වැඩිපුරම වියදම් කරන්නේ. ඉතුරු කරලා මැරිලා ගියොත් වැඩක් නෑ කියලා කාලා බීලා සතුටින් ඉන්නවා.

දුමාල්ට නිතරම
අමතක වෙන දේවල්?

කට්ටියගේ නම් අමතක වෙනවා. වැඩ ගොඩක් තියෙන නිසා වෙන්න ඇති එහෙම වෙන්නේ. සමහර වෙලාවට වැඩත් අමතක වෙනවා. ඒ වෙලාවට කරන්න තියෙන වැඩ නෝට් කරගෙන ඉන්නවා.

දුමාල් කෙනකුගේ අකැමැති ගති?

වෙලාවට වැඩ නොකරන අයට කැමැති නෑ. බොරුවට වංචාවට කැමැති නෑ.

දුමාල්ගේ ඔබ කැමැති ගතිගුණ?

දුමාල් හරිම අවංකයි. බොරු කියන්නේ නෑ. නිතරම මිනිස්සුන්ට උදවු කරනවා. ඒවා ෆේස්බුක් දාන්නේ නැති වුණාට එයා මිනිස්සුන්ට උදවු කරන්න හරි කැමැතියි. වයලීන් නැති අයට වයලීන් අරන් දෙනවා. සමහර වෙලාවට කෙනෙක්ට උදවු කරන්න මුදල් අවශ්‍ය ප්‍රමාණය නැති වුණත් කොහොමහරි ඒක කරනවා. එයාට ලැබෙන්නෙත් ඒක තමයි.

දුමාල්ගේ ගතිගුණවලින්
ඔබ අකැමැති ගතිගුණය?

බැරි දේට බැහැ කියන්නේ නැහැ කෙනෙක්ගේ හිත රිදෙයි කියලා. අමාරු වුණත් හා කියනවා. මම ඒකට කැමැති නෑ.

දුමාල්ගේ නරක පුරුදු?

එහෙම නරක පුරුදු කියලා නෑ. හැබැයි නිතරම බ්‍රෑන්ඩඩ් දේවල් ගන්න කැමැතියි. ඔරලෝසු, පර්ෆියුම් එහෙම බ්‍රෑන්ඩඩ් දේවල් පාවිච්චි කරන්නේ. පර්ෆියුම් තමයි විශේෂයෙන්ම. දුව අදින නිසා ඇඳ යට ලොකු පර්ෆියුම් පෙට්ටියක් තියලා තියෙනවා. දුමාල් බ්‍රෑන්ඩඩ් පිස්සෙක්.

ජීවිතේ මඟහැරුණු දේවල්?

ටැටූ එකක් ගහන්න, කන විදින්න එහෙම එයා කැමැතියි. හැබැයි ඒවා කරන්නේ නෑ. ඒවාට මම එපා කියලාත් නෑ. ඒත් ඒක එයාට මඟහැරිලා. වෙන මඟහැරුණු විශේෂ දේවල් නැහැ. මොකද එයාට අම්මයි තාත්තයි හැම දෙයක්ම දීලා තියෙන්නේ. පොඩි කාලේ ඉඳන්ම අදටත් තාත්තා හැමදාම කතා කරනවා දුමාල්ට.

දුමාල් කලකිරුණු අවස්ථා තියෙනවාද?

සමහර අවස්ථාවලදී ක්ෂේත්‍රයේ දේවල්වලදී කැපිලි එනවා. ඒ දේවල්වලට කලකිරෙනවා. දුමාල් කියන්නේ හරිම දක්ෂ කෙනෙක්. එයාගේ පරම්පරාවේ අයත් එක්ක බලද්දී එයා ලොකු තැනක ඉන්නේ. ඒක සීනියර්ස්ලා වුණත් කියනවා.

දුමාල්ගේ හැකියාව සම කරන්න පුළුවන් අය?

එයා ෆලෝව් කරනවා හරිහරන්ව.
ඒ ඉන්දියාවේ ඉගෙන ගත්ත නිසා වෙන්න ඇති. අමරදේව මාස්ටර්ව ෆලෝව් කරනවා. මම හිතනවා දුමාල් ඒ වගේ කියලා. මොකද ගතිගුණත් ඒ වගේ තමයි. මම දන්නෙ නෑ මම හරිද කියලා. හැබැයි සංගීතය ගැන ගොඩාක් දේවල් අධ්‍යයනය කරනවා.

උදාරා ඉන්දීවරි ජිනදාස

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon