කෝපායි ප්‍රදේශයේ පීඩාවට පත් ජනතාවට 51 වන සේනාංකයේ භට පිරිස් විසින් ජල ව්‍යාපෘතියක්

  👤  1777 readers have read this article !
Published by : MB WEB 2018-09-18 10:15:26

51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් රොෂාන් සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම මත එම සේනාංකය යටතේ ස්ථාපිත 511 වන බලසේනාවට අයත් 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භට පිරිස් එම ඒකකයේ අණදෙන නිලධාරි තුමන්ගේ උපදෙස් මත පවතින අයහපත් කාලගුණය හේතුවෙන් පීඩාවට පත් කෝපායි ප්‍රදේශයේ ජනතාවට බවුසර් යොදාගනීමින් පානීය ජලය බෙදාහැරීමේ ව්‍යාපෘතියක් දියත් කරනු ලැබීය.

ඒ අනුව, කෝපායි ප්‍රදේශයේ පීඩාවට පත් පවුල් 1102 ක් වෙත දිනපතා ජලය බෙදාහැරීමේ කටයුතු බදාදා (12) දින සිට ආරම්භ කළහ.

යුද්ධ හමුදා භට පිරිස් කඳවුරුවල පිහිටි නල ළිං මගින් ජලය ලබාගෙන බවුසර් යොදාගනීමින් පීඩාවට පත් ජනතාවගේ පරිභෝජනය ජලය බෙදාහරිනු ලබයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon