ජාත්‍යන්තර කරාතේ තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයේ

  👤  2106 readers have read this article !
Published by : MB WEB 2018-09-19 08:11:28

නාරම්මල - රණසිංහ ආරච්චි

පසුගියදා මැලේසියාවේ පැවැති 2018 ජාත්‍යන්තර විවෘත කරාතේ තරගාවලියේදී ගිරිඋල්ල Kakuthogi karathe do kenshin kaai - goju දඹන කරාතේ පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක ඇතුළු තරගකරුවන් රන් සම්මානයෙන් පිදුම් ලැබීය.

මැලේසියාවේ ටුලුකිට්ටාන් (Tulukittan) ප්‍රාන්තයේ පැවති මෙම තරගාවලියේදී මෙම ශ්‍රී ලාංකිකයන් ගෞරවයට පාත්‍ර වී ඇත්තේ මැලේසියාව, ජපානය, ඉන්දියාව වැනි බලවත් රටවල් 11ක තරගකරුවන් අභිභවමින් ජයග්‍රහණය කරමිනි. රන් 04ක් රිදී 01ක් සහ ලෝක 02ක් වූ පදක්කම 07න් පිදුම් ලබා ඇත්තේ සෙන්සේ අනුර බණ්ඩාර, එම්.ඒ.එම්. හනාන්, එම්. නිපුනි නවෝදා හා ඩබ්ලිව්.ඊ.එම්.ජී.එම්. අධිකාරි යන පාසල් දූදරුවන්ය.

මෙම මැලේසියානු ජාත්‍යන්තර විවෘත කරාතේ තරගාවලියේදී රන් පදක්කමකින් පිදුම් ලැබූ කරාතේ පුහුණු ආයතනයේ ප්‍රධාන උපදේශක සෙන්සේ අනුර බණ්ඩාර මහතා ජාතික පුහුණුකරුවෙක් මෙන්ම ඒ ශේ‍ර්ණියේ විනිසුරුවරයකුද වන අතර පන්නල සිම්ටෙක්ස් ආයතනයේ කුලියාපිටිය සාරනාත් විද්‍යාලයේ හා කුලියාපිටිය ජාතික පාසලේද ෆෙන්ෂින් (Fenshin) ක්‍රීඩා උපදේශක වශයෙන්ද සේවය කරන ජාතික හා ජාත්‍යන්තර ගෞරව සම්මානයන්ගෙන් පිදුම් ලැබූවෙකි.

මැලේසියානු කරාතේ තරගාවලියේදී දඹදෙණිය ව/ගිරි/අල් හිජ්රා විදුහලේ 10 ශේ‍ර්ණියේ ශිල්ප හදාරන එම්.එච්.එම්. හනාන් (15) සිසුදරුවා රන් පදක්කමකින් හා ලෝකඩ පදක්කමකින්ද, ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලේ 10 ශේ‍ර්ණියේ ගොජු කරාතේ ශෛලියේ පළමු ශේ්‍රණියේ කළුපටිධාරී ක්‍රීඩිකාවක් වන එම්. නිපුනි නවෝදා (15) රන් පදක්කමකින් හා ලෝකඩ පදක්කමකින්ද නේපාලයේ පැවති 2018 විවෘත කරාතේ තරගාවලියේදී ද රන් පදක්කම් දෙකකින් පිදුම් ලබා ගෞරවයට පාත්‍ර වී ඇත.

දැනට ජාතික කරාතේ විනිසුරුවරියක වශයෙන් සේවය කරන 2019 වසරේ සිට ශිල්ප හැදෑරීම සඳහා කැලණි සරසවියට තේරී ඇති ගිරිඋල්ල කෝඳුරුවාවල ඩබ්ලිව්.ඊ.එම්.ජී.එම්. අධිකාරි (20) සිසුවියද මැලේසියානු විවෘත කරාතේ තරගාවලියේදී රන් පදක්කමකින් හා රිදී පදක්කමකින්ද පිදුම් ලබා ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon