පෙරපාසල් පාලිකා එල්ලේ ජය ආණමඩුවට

  👤  1879 readers have read this article !
Published by : MB WEB 2018-09-19 10:42:35

කුලියාපිටිය - ආර්.ඒ. විමලරුවන්

වයඹ පළාතේ ප්‍රාදේශීය සභාවල ප්‍රදේශයන්හි පෙරපාසල් පාලිකා කණ්ඩායම් සඳහා වූ එල්ලේ ක්‍රීඩා ශූරතා තරගාවලියේ අවසන් මහ තරග පසුගියදා කුලියාපිටිය කාර්මික විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

එහිදී පෙරපාසල් පාලිකා එල්ලේ කණ්ඩායම් හයක් අභිභවමින් පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ පෙරපාසල් පාලිකා කණ්ඩායම එල්ලේ ශූරතාව දිනාගත් අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශීය සභා බල ප්‍රදේශයේ පෙරපාසල් පාලිකා කණ්ඩායමට අනුශූරතාව හිමිවිය.

වයඹ පළාතේ පෙරපාසල් පාලිකාවන් අතර අනේ‍යාන්‍ය එකමුතුව වර්ධනය කිරීම අරමුණු කොටගෙන වයඹ ළමා අධ්‍යාපන සංවර්ධන අධිකාරිය මඟින් මෙම එල්ලේ තරගාවලිය සංවිධානය කරන ලද්දේ වර්ල්ඩ් විෂන් ලංකා ආයතනයේ හා මහජන බැංකුවේ කුලියාපිටිය හා කුරුණෑගල ශාඛාවන්හි අනුග්‍රහය ඇතිවය.

මෙම එල්ලේ තරග උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස වයඹ ප්‍රධාන ඇමැති ධර්මසිරි දසනායක මහතා සහභාගි විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon