වැලිහේනේ කැෂ්මියර්ට ආසියාතික පදක්කම් රැසක්

  👤  2088 readers have read this article !
Published by : MB WEB 2018-09-19 08:57:42

බිංගිරියේ - වී. සෝමවීර

ගුවන් හමුදාවේ විශ්‍රාමික ක්‍රීඩකයකු වන කොච්චිකඩේ වැලිහේනේ කැෂ්මියර් ප්‍රනාන්දු පුල්ලේ මහතා ආසියාතික ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා තරගවලට සහභාගි වී රන්, රිදී හා ලෝකඩ පදක්කම් රැසක් මේ වනවිට දිනාගෙන ඇත.

ඉන්දුනීසියාව, කොරියාව, තායිලන්තය, ඉන්දියාව, සිංගප්පූරුව ආදී රටවල පැවැති තරගවලදී රන් පදක්කම් 80ක්, රිදී පදක්කම් 30ක්, ලෝකඩ පදක්කම් 17ක් මේ වන විට දිනාගෙන ඇති අතර ඔහු දිනාගෙන ඇති මුළු පදක්කම් ගණන 127කි.

දැනට 78 වැනි වියේ පසුවෙන දක්ෂ මලල ක්‍රීඩකයකු වන කැෂ්මියර් ප්‍රනාන්දු පුල්ලේමහතා මේ වසරේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගවලින් රන් පදක්කම් හතරක් දිනාගෙන ඇත. මෙම වසර අගදි ස්පාඤ්ඤයේ පැවැත්වෙන තරගවලටද ඒ මහතා සහභාගි වීමට නියමිතව ඇත. වසර 22ක පමණ කාලයක් ගුවන් හමුදාවේ සේවය කොට ඇති කැෂ්මියර් ප්‍රනාන්දු පුල්ලේ මහතා ගුවන් හමුදාවේ වොලිබෝල් කණ්ඩායමේ නායකත්වය දරමින් සමස්ත ලංකා ශූරතාව දිනාගැනීමට සමත් විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon