රජරට මහ වැව්වලින් මසකට අඩියක් ජලය වාෂ්ප වෙනවා
මිහින්තලේ - ර.මු.සු. රත්නායක
අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ වැව්වල පවතින ජල මට්ටම වාෂ්පීකරණය හා කාන්දු වීම නිසා ශීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවත් එම ප්‍රමාණය මසකට අඩි එකක් පමණ බවත් අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂ එම්.ඩබ්ලිව්.පී. ද සිල්වා මහතා පැවැසීය. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් දිසාපති ආර්.එම්. වන්නිනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 18දා දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීමේදී කලාප වාරිමාර්ග අධ්යක්ෂවරයා එසේ කීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අධ්යක්ෂවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මහ වැව් 13ක දැනට පවතින ජල මට්ටම් මෙසේ ඉදිරිපත් කරන ලදී.
නුවර වැව ජල ප්‍රමාණය 13%යි, තිසාවැව 15%යි, අභය වැව 4%යි, මහකනදරා වැව 15%යි, මහවිලච්චිය 27%යි, නාච්චාදුව 25%යි, අංගමුව 9%, හුරුළු වැව 29%යි, මානන්කට්ටිය 12%යි, පදවිය 6%යි, වාහල්කඩ 3%යි. 50% ඉක්මවා ජලය ඇත්තේ මහ වැව් දෙකක පමණි.
රාජාංගණය 63%ක් සහ කුරුවිල 63.7%ක් වශයෙනි. මහවැලි කලාපයට ජලය සපයන කලාවැවේ දැනට පවතින්නේ 40%ක ජල ප්‍රමාණයක් බව කලා වැව මහවැලි තාක්ෂණ ඉන්ජිනේරු ප්‍රේමලාල් මහතා "මව්බිම"ට සඳහන් කරන ලදී. නුවර වැව සහ නාච්චාදුව, කුරුවිල යන ජලාශවලට යල කන්නයේ වගාව රැක ගැනීමට හා පානීය ජලය ලබාදීම සඳහා මහවැලියෙන් අතිරේක ජල ප්‍රමාණයක් ලැබී ඇතැයිද අනුරාධපුර කලාප වාරිමාර්ග අධ්යක්ෂවරයා වැඩිදුරටත් හෙළි කරන ලදී.
අද මව්බිමෙන්
- පලාලි නවීකරණය කරන්න අගමැතිගෙන් උපදෙස් 🕔2019-02-18
- මධුෂ් ඇතුළු 31 දෙනාට එරෙහි නඩුව 28දා යළි කැඳවයි 🕔2019-02-18
- ජිනීවා සමුළුවට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් පෙත්සම් 12ක් 🕔2019-02-18
- දකුණේ සීනියර් DIG කොළඹට මාරුවක් 🕔2019-02-18
- කථානායක වගකීමකින් ක්‍රියා නොකළ නිසා මැතිසබය නොසන්සුන් වුණා 🕔2019-02-18
- පොල්තෙල් නිපදවන, විකුණන තැන් 28දා තෙක් පරීක්ෂා කරනවා 🕔2019-02-18
- පළාත් ඡන්දය ගැන අවසන් තීරණය මේ සතියේ 🕔2019-02-18
- කරදර හිරිහැර දරාගන්න බැරි තැන නාවික හමුදා සෙබළිය එල්ලී මැරිලා 🕔2019-02-18
- පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රින්ගේ තැපැල් දීමනාව වැඩි කෙරේ 🕔2019-02-18
- අගමැතිගේ මුලතිව් සංචාරයේදී අතුරුදන් වූවන්ගේ ඥාතීහු විරෝධතාවක 🕔2019-02-18
- ලංවිමට වසර 50ක් සපිරීමත් සමරා හෙට කිරිවෙහෙරේ පින්කම් රැසක් 🕔2019-02-18
- ගැඹුරු මුහුදේදී හදිසි අනතුරකට ලක්වූ ධීවරයකු නාවික විධානයේ වේග ප්‍රහාරක යාත්‍රාවකින් ගොඩ බිමට 🕔2019-02-18
- නරමානේ බුද්ධරක්ඛිත නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය 20දා පානදුරේ නගර සභා ක්‍රීඩාංගණයේදී 🕔2019-02-18
- තායිලන්තයේ දහ වැනි රජතුමාගේ රාජාභිෂේක මෞලි මංගල්‍යයට ශ්‍රී මහා බෝධි අංකුරයක් 🕔2019-02-18
- මත්ද්‍රව්‍ය රැගෙන ශ්‍රී පාද වන්දනාවේ ආ 17 දෙනකු අත්අඩංගුවට 🕔2019-02-18
- හලාවත මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති හදිසියේ මිය යයි 🕔2019-02-18
- කන්කසන්තුරේ වරාය වාණිජ වරායක් ලෙසට සංවර්ධනය කරනවා 🕔2019-02-18
- මහා පරිමාණ මුදලාලිලා ටික අහිංසක ගොවියා සූරාකන්න පටන් ගනීවි 🕔2019-02-18
- ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ඒකක දශම 0.7කින් ඉහළ යයි 🕔2019-02-18
- ජනපතිගේ වැය ශීර්ෂය පරාජය කිරීමට එජාපය සූදානමක 🕔2019-02-18