අවම බස් ගාස්තුවේ කිසිදු වෙනසක් නෑ - ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය

  👤  1899 readers have read this article !
Published by : MB WEB 2018-09-19 13:06:28

පෞද්ගලික බස් හිමියන් විසින් ඉල්ලන ලද 10% බස් ගාස්තු වැඩිවීම කිසිසේත් ලබාදිය නොහැකි බවත්, මේ සම්බන්ධයෙන් පත්කොට ඇති විද්වත් කමිටු උපදෙස් මත හෙට (20) මධ්‍යම රාත්‍රියේ සිට 4% කින් බස් ගාස්තු වැඩි කිරීමට අවසර දිය හැකි බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ඉන්ධන මිල අනුව බස් ගාස්තු ද වැඩිවීමක් කළ යුතු බවට පැන නැගී ඇති ගැටළුව සම්බන්ධයෙන්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය සමඟ සාකච්ඡාවක් අද දින (19) ප්‍රවාහන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

එහෙත් අවම ගාස්තුව වන රු.12 කිසිදු වෙනසක් සිදු නොවන බවද මෙහිදි අමාත්‍යවරයා අවධාරණය කළේය. මේ සම්බන්ධයෙන් අවශ්‍ය වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය සදහා ආවරණ අනුමැතියක් ලබා ගැනීමට ද තමා කටයුතු කරන බව ද පැවසීය.

එමෙන්ම ඉදිරියේදී ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිලෙහි සිදුවන වෙනස සැලකිල්ලට ගෙන බස් ගාස්තු සංශෝධන ක්‍රමවේදයක් සකස් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙස ගමනාගමන කොමිෂන් සභාවේ නිළධාරීන්ට හා අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වන ලදී. එමෙන්ම බස් ධාවනය සම්බන්ධයෙන් වන ගැටළු පිළිබදව හා බස් ගාස්තු සම්බන්ධව අදාළ නිර්ණායකයන් ලබන ජනවාරි 01 දා වන විට සකස් කොට අවසන් කරන ලෙස ද මෙහිදී
අමාත්‍යවරයා අදාල නිළධාරීන්ට දැනුම් දෙන ලදී.

මෙම සාකච්ඡාවට ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ජී.එස් විතානගේ, ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති එම්.ඒ.පී හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු බස් සංගම් නියෝජනය කරන සියළුම නියෝජතියන්ද සහභාගී විය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon