වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත විවාදයට

  👤  1602 readers have read this article !
Published by : MB WEB 2018-09-19 14:51:45

වැවිලි කලාපය සඳහා වූ නව ගම්මාන සංවර්ධන අධිකාරිය පනත් කෙටුම්පත අද (19) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි.

කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා විසින් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් විවාදය ආරම්භ කලේ ය.

මෙම අධිකාරිය පිහිටුවීමේ අරමුණ වන්නේ වැවිලි කලාපයේ සමාජ,ආර්ථික,සංස්කෘතික හා යටිතල පහසුකම් සංවර්ධනය තුළින් අදාළ ප්‍රදේශවල ජීවත් වන වැවිලි ප්‍රජාව ප්‍රධාන සමාජ ධරාවට ඇතුළත් කිරීම සහතික කිරීම සහ ඔවුන්ට ජාතික සංවර්ධන ක්‍රියාවලියට දායක විය හැකි පරිදි සමාජමය හා ආර්ථිකමය වශයෙන් සවිබල ගැන්වීම බව අමාත්‍යවරයා විවාදයේ දී අඳහස් දක්වමින් පැවසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon