නිජබිම සටන හොකී තරගාවලියෙන් ජය

  👤  1824 readers have read this article !
Published by : MB WEB 2018-09-20 08:33:42

මාතලේ - හේවා පී. කරුණාරත්න

මාතලේ විජය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය වාර්ෂිකව සංවිධානය කරන මෙවර 19 වැනි වරටත් පැවති "නිජබිම සටන" සමස්ත ලංකා විවෘත අන්තර් ක්‍රීඩා සමාජ සත් සාමාජික හොකී තරගාවලියේදී ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජ පිල පිරිමි ශූරතාව සහ කාන්තා ශුරතාව මාතලේ මාස්ටර් වී.අයි.පී. ක්‍රීඩා සමාජ පිල විසින් දිනා ගන්නා ලදී. මෙහිදී පිරිමි අංශයේ පලිහ ශූරතාව යුද හමුදා යාන්ත්‍රික රෙජිමේන්තු පිලට සහ බඳුන ශූරතාව යුද හමුදා යුද උපකරණ රෙජිමේන්තු පිලටද හිමි විය.

ශූරතාව දිනූ මාතලේ මාස්ටර් පිල ශිරෝමි අතුරුපාන විසින්ද, අනුශූරතාව දිනූ මාස්ටර් ශ්‍රී ලංකා පිල නිශාන්ති කුඹුරේගම විසින්ද මෙහෙයවූවාය.
මෙවර මෙම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෙස සම්මාන ලැබූවන් මෙසේයි.

දක්ෂතම ක්‍රීඩකයා - සඳරුවන් ප්‍රියලංක (ශ්‍රී ලංකා පොලිසිය), දක්ෂතම දැල් රකින්නා - යසෝජ මධුරංග හේරත් (ආරක්ෂක විශ්වවිද්‍යාලය), දක්ෂතම ක්‍රීඩිකාව - සෝභිතා මෙන්ඩිස් (මාස්ටර් ශ්‍රී ලංකා) දක්ෂතම දැල් රකින්නිය - භාග්‍යා කොඩිතුවක්කු (මාතලේ මාස්ටර්),
තරගාවලියේ සමාප්ති උළෙල හා ජය සංකේත ප්‍රදානය මාතලේ පුරපති ඩල්ජිත් අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon