සීනි මත පැනවූ බද්ද පාරිභෝගිකයා මත පටවන්නේ නෑ

  👤  977 readers have read this article !
Published by : MB WEB 2018-09-20 17:36:34

සීනි සඳහා පැනවූ බද්ද කිසිසේත් පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු නොකරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (20) ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයින් හා වෙළෙඳ මහතුන් දැනුවත් කිරීම සිදුකර ඇති බවත් මෙම බද්ධ පාරිභෝගිකයා මත පැටවීමට කටයුතු කළහොත් සීනි සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරන බවට දැනුම් දී ඇති බවත් ඇමතිවරයා සඳහන් කළේය.

සීනි බද්ධ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී පද්ම උදය ශාන්ත මහතා මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon