වැස්සට ගිලා බැස්ස මාර්ගයේ පිළිසකර වැඩ කඩිනමින්

  👤  1774 readers have read this article !
Published by : MB WEB 2018-09-21 09:11:19

නොර්වුඩ් -නීටා පත්ම කුමාර

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පසුගිය මාසයේ අඛණ්ඩව ඇද හැලුණු අධික වාර්ෂාවත් සමඟ ගිලාබැසීමට ලක්වී ඇති හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ කොටස ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත.

පැවැති අධික වර්ෂාවත් සමඟ එම මාර්ගයේ විශාල කොටසක් ගිලාබැසීම හේතුවෙන් එම ස්ථානයේ රථවාහන ගමනාගමනය මේ වනවිටත් එක මං තීරුවකට පමණක් සීමා කර ඇත.

නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරි කාර්යාල මඟින් ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙන අතර ඉදිරි දින කිහිපය තුළ මංතීරු දෙකේම රථවාහන ගමනාගමනය සඳහා විවෘත කරන බව නොර්වුඩ් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon