බදුල්ලේ සංවර්ධනයට මේ වසරේ ව්‍යාපෘති 1707 ක්

  👤  1381 readers have read this article !
Published by : MB WEB 2018-09-21 15:08:56

රජය මඟින් ක්‍රියාවට නංවා ඇති විවිධ වැඩසටහන් යටතේ බදුල්ල දිස්ත්‍රික්කයේ සංවර්ධනය උදෙසා මෙම වසර තුළ සංවර්ධන ව්‍යාපෘති 1707 ක් ක්‍රියාත්මක කෙරේ.

ජාතික පරිසර වැඩසටහන, විමධ්‍යගත අරමුදල්, ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ග්‍රාම ශක්ති වැඩසටහන, විහාරස්ථාන ප්‍ර‍තිසංස්කරණය, සුඛිත පුරවර, ජාතික වකුගඩු රෝග නිවාරණය, ආගමික මධ්‍යස්ථාන සංවර්ධනය, මත්ද්‍ර‍ව්‍ය නිවාරණ වැඩසටහන්, අවිච්ඡේද ව්‍යාපෘති, වතු ප්‍ර‍ජාවගේ ජීවන තත්වය නැංවීමේ දැනුවත් කිරීම්, ලෝක ආහාර වැඩසටහන, ප්‍රාදේශීය යටිතල පහසුකම් සංවර්ධනය, ක්‍රීඩා පිටි සංවර්ධනය, නිල නිවාස හා ගොඩනැඟිලි ඉදිකිරීම්, කිතුල් සංවර්ධන සහ සාම්ප්‍ර‍දායික හස්ත කර්මාන්ත සංවර්ධනය වැනි විෂයයන් රැසක් යටතේ මෙම සංවර්ධන කටයුතු දියත් කොට තිබේ.

ඒ ඒ වැඩසටහන් යටතේ මේ සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් 429 714 346.00 ක් වන අතර මෙම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 1100 ක පමණ කටයුතු මේ වන විට අවසන්ව ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon