ටැන්සානියාවේ බෝට්ටු අනතුරකින් විශාල පිරිසක් මරුට

  👤  582 readers have read this article !
Published by : MB WEB 2018-09-22 13:48:24

ටැන්සානියාවේ වික්ටෝරියා නම් වැවක මගී ප්‍රවාහන බෝට්ටුවක් පෙරලීමෙන් 136 දෙනෙකු පමණ මියගොස් ඇතැයි එරට බලධාරීහු පවසති.

තවත් බොහෝ පිරිසක් අතුරුදහන්ව සිටින අතර, 200කට අධික පිරිසක් දියේ ගිලී ඇති බව වාර්තා වේ. සිකුරාදා (21) ගලවාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇත.

MV Nyerere නම් මෙම බෝට්ටුව Bugorora තොටුපොළ බලා යන අතරවාරයේ 'උකාරා;' දිවයින අසලදී අනතුරට පත් වී තිබේ.

මෙම බෝට්ටුවේ යාත්‍රා කළ හැකි ප්‍රමාණයට වඩා වැඩි පිරිසක් සිට ඇති අතර, තොටුපොළ ආසන්න වන විට පිරිස එක් පැත්තකට පැමිණීම නිසා එය පෙරලීමෙන් අනතුරට පත්ව තිබේ.

සිය දෙනෙකුට පමණක් යාත්‍රා කළ හැකි බෝට්ටුවේ 400 දෙනෙකු පමණ සිට ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

බ්‍රහස්පතින්දා (20) MV Nyerere බෝට්ටුවේ පැමිණි සිය ඥාතීන් ගැන තොරතුරු ලැබෙන තුරු මුවන්සා (Mwanza) කලාපයේ බොහෝ පදිංචිකරුවන් බලා සිටින බව ටැන්සානියාවේ බීබීසී වාර්තාකරු අබොබාකර් ෆමාවු (Aboubakar Famau) පැවසීය.

"මගේ නැන්දා, පියා සහ මගේ බාල සොහොයුරු අහිමි වූ බව කියමින් මට ඇමතුමක් ලැබුණා" යැයි Editha Josephat Magesa පැවසුවාය.

"අපි ගොඩක් දුකට පත් වෙලා ඉන්නේ. පරණ බෝට්ටුව ඉතා පොඩියි, නමුත් දැන් ජනගහනය වැඩි වෙලා. අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා අපිට අළුත් බෝට්ටුවක් දෙන්න කියලා."

එම ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කළ පැමිණිල්ලකට අනුව බෝට්ටුවට අළුත් එන්ජිමක් සවි කර තිබූ බව බීබීසී වාර්තාකරු පැවසීය.

ටැන්සානියාවේ දෙවෙනි විශාලතම නගරය වන මුවන්සා ආසන්නයේ පිහිටි උකාරා සහ Ukwerewe දිවයින් අතර ඇති කාර්යබහුල මාර්ගයක මෙම බෝට්ටුව දිනකට අට වරක් යාත්‍රා කර තිබුණි.

නමුත් අනතුර සිදු වූ දිනයේ Ukwerewe දිවයිනේ වෙළෙඳපොළ පැවැත්වුණ නිසා බෝට්ටුවේ විශාල පිරිසක් ගමන් කර තිබේ.

සිමෙන්ති කොට්ට ඇතුළු විශාල භාණ්ඩ ප්‍රමාණයක් ද අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ තිබී ඇත.

ගොඩබිමට මීටර 50ක් පමණ දුරක් තිබියදී මෙම අනතුර සිදු වී තිබේ. එහි සිටි බොහෝ දෙනා පිහිනීමට නොදැන සිටි බව විශ්වාස කෙරේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon