එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

  👤  987 readers have read this article !
Published by : MB WEB 2018-09-23 09:58:29

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය ඇමතීම සඳහා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඊයේ(22) රාති‍්‍රයේ දිවයිනෙන් පිටත්ව ගියේ ය.

ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතින්ගේ මහ මණ්ඩල සැසිවාරය අමතන සිව් වන අවස්ථාව මෙයයි.‍

“එක්සත් ජාතීන් සියලුම ජනතාවට සමීප කරවීම හා සාධාරණ” සාමකාමි සහ තිරසර සමාජයක් සඳහා වූ ගෝලීය නායකත්වයේ සාමුහික වගකීම, තේමාව යටතේ එක්සත් ජාතින්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය නිව්යෝර්ක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මූලස්ථානයේ දී පැවැත් වේ.

එහි ප‍්‍රධාන සැසිවාරය සැප්තැම්බර් 25 වනදා ආරම්භ කෙරෙන අතර එදින පස්වරුවේම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.

මේ අතරතුර සැසිවාරයට සහභාගී වන ලෝක නායකයන් කිහිප පළක් සමඟ ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර, එක්සත් ජාතින්ගේ මහලේකම්වරයා මෙන්ම පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම්වරයා සමග ද විශේෂ සාකච්ඡාලට එක් වනු ඇත.

 

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon