සෙනඟ මැද ප්‍රියංකා නික්ට දුන් උපන් දින හාදුව

  👤  1886 readers have read this article !
Published by : MB WEB 2018-09-23 16:17:43

ප්‍රියංකා චොප්රා සහ ඇමෙරිකානු ජාතික ගායක නික් ජොනාස් මෑතකදී තමයි විවාහ ගිවිස ගත්තේ. ඔවුන් මේ වෙනකොට කැලිෆෝනියාවේ ජීවත් වෙනවා. කාලෙන් කාලෙට මේ යුවළ ගැන විවිධ පුවත් මතුවෙනවා. ආයෙමත් මේ යුවළ කරළියට ඇවිත් තියෙන්නේ නික් ජොනාස්ගේ 26 වැනි උපන් දිනයත් එක්ක. ප්‍රියංකා චොප්රා සහ නික්ගේ පවුලේ හිතවතුන් එකතු වෙලා ඔහු වෙනුවෙන් උපන් දින සාදයක් සංවිධානය කර තිබුණා.

බේස්බෝල් තරගයක් නරඹන අතරතුර තමයි ඔවුන් මේ විදියට නික්ගේ උපන්දිනය සමරලා තියෙන්නේ. කොහොම වුණත් මේ උපන්දිනය ගැන වැඩි කතාබහකට ලක්වෙන්නේ මෙහි ඡායාරූප ප්‍රියංකා තම ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම හරහා සමාජගත කිරීමත් එක්ක. ප්‍රියංකා චෝප්රා නික්ට හාදුවක් දෙන ඡායාරූපයකුත් ඒ අතර තිබෙනවා. ඒ තමයි ප්‍රියංකා නික්ට ප්‍රසිද්ධියේ හාදුවක් දුන් පළමුවැනි අවස්ථාව.

උදාරි ඉන්දීවරී ජිනදාස

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද කාටූනය

mawbima Cartoon