අන්නාසිගලයායට දිය පොදක් නෑ

  👤  1751 readers have read this article !
Published by : MB WEB 2018-09-25 06:13:31

මීගහකිවුල - රුවන් කුමාර

මේ දිනවල පවත්නා දැඩි නියඟයත් සමඟම රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අති දුෂ්කර ගම්මානයක් වන අන්නාසිගලයාය ගම්වාසීහු මේ වන විට උග්‍ර ජල හිඟයකට මුහුණ දී සිටිති.

මෙම ගම්මානයේ ජනතාව ජලය ලබාගත් බොහොමයක් ජල මූලාශ්‍ර සිඳී යෑම මේ තත්ත්වයට හේතුව බව අන්නාසිගලයාය ගම්වැසියෝ පවසති.

ගමේ ස්ථාන කීපයකම ජල මූලාශ්‍ර පිහිටා ඇතත් ගම්මානය තුළ නිසි ජල සැපයුමක් ක්‍රියාත්මක නොවීමද මීට හේතු වී ඇතැයි ඔවුහු පවසති.

මේ තත්ත්වය මත මෙම ගම්වාසීන්ට ගමේ ඇති කුඩා දිය කඩිති හාරමින් ජලය එක් රැස් කරන්නට සිදුව ඇති අතර තවත් පිරිසකට සැතපුමක් පමණ ගොස් කළගෙඩි මුට්ටි ආදියෙන් ජලය රැගෙන ඒමට සිදුව ඇතැයිද මෙම ගම්වාසීහු පවසති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon