බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 59 වැනි ගුණ සමරුව හෙට

  👤  1010 readers have read this article !
Published by : MB WEB 2018-09-25 15:36:55

උපතිස්ස පෙරේරා

නිදහස් ලංකාවේ සිවු වැනි අග්‍රාමාත්‍යවරයා වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාගේ 59 වැනි සමරුව හෙට (26දා) පෙරවරු 8ට හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අබියසදී පැවැත්වෙයි.

පෞද්ගලික බස් ජනසතු කර ලංකා ගමනා ගමන මණ්ඩලය ස්ථාපිත කිරීම, වරාය ජනසතු කිරීම ඇතුළු ජනතාවදී, ප්‍රගතිශීලී පියවර රැසක් ගනිමින් වැඩ කරන ජනතාවගේ සුබ සාධනය උදෙසා විශාල මෙහෙවරක් බණ්ඩාරනායක මහතාගේ රජය යටතේ සිදුවිය.

1959 සැප්තැම්බර් මස 25 වැනි දින රොස්මිඩ් පෙදෙසේ සිය නිවෙසේදී චීවරධාරියකුගේ වෙඩි පහරකට ලක්වූ බණ්ඩාරනායක මහතා පසුදින පෙරවරුවේ කොළඹ මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අද පැවැත්වෙන සමරු උළෙලේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියද, හිටපු කථානායක අනුර බණ්ඩාරනායක මහතාද සිහිපත් කර පුෂ්පෝපහාර පවත්වා ආගමික වතාවත් සිදුකිරීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon