සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

  👤  236 readers have read this article !
Published by : MB WEB 2018-10-06 12:18:13

2018 සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩාංණයේ දී පැවැත්විණි.

මෙරට හතළිස් පන් ලක්ෂයක් වූ පාසල් සිසු දරු දැරියන්ගේ ශාරිරික සුවතාව හා කී‍්‍රඩා කෞශල්‍යය නගාසිටුවීම හා ජාතික හා ජාත්‍යන්තර කී‍්‍රඩක කී‍්‍රඩිකාවන් හඳුනාගෙන ඔවුන්ගේ නිසග හැකියාවන් ඔප මට්ටම් කරන, සමස්ත ලංකා පාසල් කී‍්‍රඩා උලෙළ 34 වන වරටත් ඔක්තෝබර් 01 දා සිට 05 වනදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ දී පැවැත්විණි.

මෙරට පාසල් දූ දරුවන් 39,000 කට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් පැවති මෙවර තරගාවලිය තරග ඉසව් 29 කින් සමන්විත විය.

තරගාවලියේ ජයග‍්‍රාහකයන්ට ජය සංකේත ප‍්‍රදානය කෙරුණේ ජනාධිපතිතුමා අතිනි.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ඇතුළු කී‍්‍රඩා නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon