ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂකයින්ට සිනාසීමට සීමා පනවයි

  👤  1910 readers have read this article !
Published by : MB WEB 2018-10-10 10:32:41

'සිනා නොමසෙන් දසන් දක්වා' මේ කියමන ශ්‍රී ලංකාවේ කාන්තාවන් සම්බන්ධයෙන් අතීතයේ සිට පවතින උපදේශාත්මක වැකියකි.

කෙසේ වෙතත්, ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂණ පොලිස් නිලධාරීන්ට ද මෙය නියෝගයක් වශයෙන් නිකුත් කර තිබේ.

ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂණ පොලිස් නිලධාරීන් සිනාසීම අඩු කළ යුතු බවට දැනුම් දී ඇත.

මෙම නියෝගය කර ඇත්තේ, ආචාරශීලීත්වය නිසා ආරක්ෂක වැඩපිළිවෙළ ව්‍යාකූල වීමෙන් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් පවතින බවට සැලකිල්ලට ගනිමිනි.

ඉන්දීය ගුවන් තොටුපොළ ආරක්ෂාව භාරව සිටින එරට මධ්‍යම කර්මාන්ත ආරක්ෂක බළකායට (Central Industrial Security Force) අවශ්‍ය වී ඇත්තේ, "මිත්‍රශීලීත්වයට වඩා අවධානයෙන් සිටීමටය".

Indian Express පුවත්පතේ දැක්වෙන්නේ, ආරක්ෂක භටයින් 'පුළුල් සිනහ ක්‍රමයෙන්' ඉවත්ව 'සාමාන්‍ය සිනහ ක්‍රමයක්' අනුගමනය කරනු ඇති බවය.

බලධාරීන්ගේ අනුමානය වී ඇත්තේ, අනවශ්‍ය මිත්‍රශීලීත්වය හරහා ගුවන් තොටුපොළවල් ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වීමේ අවදානමක් පවතින බවය.

සැප්තැම්බර් 11 වෙනිදා අමෙරිකාවට එල්ල වූ ප්‍රහාරය ද මගී මිත්‍රශීලීත්වය අධික වීමේ ක්‍රමවේදය හේතුවෙන් සිදුවූ බව මධ්‍යම කර්මාන්ත ආරක්ෂක බළකායේ අධ්‍යක්ෂ ජනරාල් රාජේෂ් රන්ජන් පවසයි.

සිය වෘත්තීයමය ප්‍රමිතීන් දියුණු කර ගැනීමට සහ හැසිරීම වෙනස් කිරීමට ඉන්දීය පොලිස් නිලධාරීන්ට උපදෙස් ලැබුණු පළමු අවස්ථාව මෙය නොවේ.

(BBC)

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon