මා ඔයට හානි කරන අනවසර ඉදිකිරීම් වහා නැවැත්විය යුතුයි

  👤  1633 readers have read this article !
Published by : MB WEB 2018-10-11 10:18:31

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර

අරණායක හොරේවල සිට මාවනැල්ල දක්වා මා ඔයේ ස්වාභාවික ගලා යෑමට හානියක් වන ලෙසින් හා මා ඔය අපිරිසුදු වීමට බලපාන අනවසර ඉදිකිරීම් කිහිපයක්ම දැනට මා ඔය ආශි්‍රතව සිදු වෙමින් පවතින අතර මෙම ඉදි කිරීම් වහාම නැවැත්විය යුතුව පවතින බව කුඩා ඔය - මා ඔය සුරැකීමේ සංවිධානය 7 වැනිදා මාධ්‍ය වෙත පැවැසීය.

එම සංවිධානයේ සභාපති ගාමිණි ඇටම්පාවල මහතා පවසන්නේ, මා ඔයේ ස්වාභාවික දිය පහර මිලියන ගණනකගේ ජල අවශ්‍යතා මෙන්ම සතා සිවුපාවන්ගේ ජල අවශ්‍යතාව සපුරන බවයි. අසුපිනි ඇල්ල ආශි්‍රත කොට ගෙන ආරම්භ වන මා ඔය අවට ස්වාභාවික පරිසරය දිනෙන් දින විනාශ කිරීම දැව ජාවාරම සඳහා ගස් කැපීම නිරන්තරයෙන් වන අතරම දැනට අරණායක හොරේවල සිට මාවනැල්ල දක්වා ඉදි කර ඇති ගොඩනැඟිලිවලින් විශාල ප්‍රමාණයක් මා ඔය දක්වාම ඉදි කර ඇත. සමහර පෞද්ගලික උත්සව ශාලා මෙම අනවසර ඉදිකිරීම් දැනට මා ඔය ගලා යන සුන්දරත්වයට හානි කරමින් විශාල වශයෙන් සිදු කෙරේ.

එවැනි ගොඩනැඟිලි නිසා එයින් බැහැර කරන සියලු අපජලය වැසිකිළි කැසිකිළිවල අපජලය යන ආදිය නිරන්තරයෙන් මා ඔයට මුදා හැරීම වන බවද පවසන මා ඔය - කුඩා ඔය සුරැකීමේ සංවිධානය පෙන්වා දෙන්නේ මේ සඳහා වගකිව යුත්තන්ගේ අවධානය සහ වගකීම නිසිලෙස ඉටු කළ යුතු බවයි. එලෙස හානි වන ස්ථාන හඳුනාගෙන ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුහු පෙන්වා දෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon