දිරිය දෝණි කෙනහිලිකම් මැඬගෙන ඉතාලියට

  👤  1356 readers have read this article !
Published by : MB WEB 2018-10-20 10:44:21

"දිරිය දෝණි" චිත්‍රපටය ඉතාලියට ගෙනියන්න සූදානම් කියලා ආරංචියි

ඔව්. "දිරිය දෝණි" චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් වුණේ මෑත භාගයේදී. චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි වෙලා චිත්‍රපටය තියාගෙන ඉන්න අවස්ථාවක චිත්‍රපට බෙදා හැරීමේ ප්‍රශ්නවලටත් අපිට මුහුණ දෙන්න වෙලා තියෙනවා.

මම මේ දිනවල රටවල් කිහිපයක ටඪතථ ටඥඵබඪමචතවලට ඇප්ලයි කරනවා. ඒ අතරතුර මම බැලුවා විදේශ රටවල ශ්‍රී ලාංකිකයන්ට මගේ චිත්‍රපටය පෙන්නන්න ඕනේ කියලා. චිත්‍රපටය ඉතාලියේ විශේෂ දර්ශන වාර හතරක් පවත්වන්න කටයුතු සූදානම් කරලා තියෙනවා. ඔක්තෝබර් 28, නොවැම්බර් 10, නොවැම්බර් 17 සහ දෙසැම්බර් 16 තමයි මේ දර්ශනවාර පවත්වන්නේ.

චිත්‍රපටය ඉතාලියට ගෙනියන අදහස කාගේ අදහසක්ද?

ඉතාලියේ සිංහල සංවිධානයක් මාත් එක්ක සම්බන්ධයි. මම එයාලට මගේ අදහස කිව්වම එයාලා කැමැති වුණා චිත්‍රපටය ඉතාලියේ පෙන්වන්න. එයාලගේ අදහසක් තියෙනවා ඉතාලියට හරි සිංහල චිත්‍රපට එන්නේ නෑ කියලා. ඒකයි ඔවුන් මේ චිත්‍රපටය ඉතාලියේ පෙන්වනවට කැමැති වුණේ.

චිත්‍රපටයේ වැඩ කටයුතු අවසන් කරලා කොච්චර කාලයක් වෙනවාද?

2016දී තමයි චිත්‍රපටයේ වැඩකටයුතු පටන් ගත්තේ. ඒ වසරෙම රූගත කිරීම් ඉවර කළා. වසරක් වගේ කාලය ගත කළා චිත්‍රපටයේ වැඩ නිම කරන්න.

ඔබේ නිර්මාණය ළමා චිත්‍රපටයක්නේ. මොන වගේ කතා තේමාවක්ද මෙහි ගැබ් වෙලා තිබෙන්නේ?

අධ්‍යාපනය නොලද දරුවන්ට අධ්‍යාපනය ලබාදීමට ගුරුවරියක් මහන්සි වෙද්දී ඇයට එන බාහිර බලපෑම් ප්‍රශ්නවලට මුහුණදීලා ජයගන්න උත්සාහ කරන අයුරු තමයි මේ චිත්‍රපටයට පාදක වෙන්නේ. අධ්‍යාපනයකින් තොරව අනාගතයක් ජයගන්න අපහසුයි කියන පණිවුඩය තමයි මේ චිත්‍රපටයෙන් ලබාදෙන්න උත්සාහ කළේ.

ළමා චිත්‍රපටයක්ම හා හා පුරා කියලා කරන්න තෝරා ගත්තේ?

චිත්‍රපට කරන්න මං ළඟ පිටපත් කිහිපයක් තියෙනවා. මම නිෂ්පාදකවරු එක්ක කතා කරද්දි ඒ හතරෙන් මේ නිර්මාණය තමයි මට කරන්න තෝර ගන්න පුළුවන් වුණේ. ජගත් විජේනායක තමයි මේ චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය දුන්නේ. එතුමා මේ චිත්‍රපටයේ අවසන් කර්තව්‍ය කරමින් ඉන්න කාලේ මියගියා. ඒකත් එක්ක මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ඇනහිටියා.

ඊට පස්සේ ඔහුගේ සහෝදරයෝ නැවැත මට මේ චිත්‍රපටය භාර දුන්නා. පසුව මම වියදම් කරලා තමයි මේ චිත්‍රපටය කළේ. නිර්මාණවලින් කළ යුත්තේ මිනිසුන් ආකල්ප වශයෙන් ගොඩනැංවීමනේ. ඉතින් මේ නිර්මාණයෙනුත් මම කරන්නේ එක.

චිත්‍රපටයට දායක වෙන ශිල්පීන් ගැනත් කියමු?

ලංකාව පුරා සිටින ළමුන් බොහෝ දෙනෙක් සම්මුඛ පරික්‍ෂණයකට කැඳවලා ඒ අතරින් ළමුන් හතළිහක් මේ චිත්‍රපටයට තෝරාගෙන තිබෙනවා. නිපුනි විල්සන් තමයි මේ චිත්‍රපටයේ ගුරුවරියගේ චරිතය නිරූපණය කරන්නේ. ඊට අමතරව රෝහණ බැද්දගේ, රිචඩ් මානමුදලි, රත්නා ලාලනි ජයකොඩි, නිල්මිණි බුවනෙක, අනුර බණ්ඩාර රාජගුරු, වික්‍රම සෙනෙවිරත්න, වසන්ත කුමාරසිරි, කීර්ති රංජිත් පිරිස්, කෞශල්‍යා සමරසිංහ, දයා වයමන්, රන්ජන් ජයසේකර, දීපාල් ලියනාරච්චි ඒ වගේම විශාල පිරිසක් මෙයට සම්බන්ධ වෙනවා. ප්‍රධාන ළමා චරිතය කරන්නේ මල්ෂා දෙව්මිණි.

චිත්‍රපටය රූගත කරලා නිම වුණත් තාමත් ඔබේ චිත්‍රපටය පෝලිමේ නේද?

චිත්‍රපට අසූවක් පෝලිමේ තියෙනවා. චිත්‍රපටය තිරගත කරන්න කාලය නෑ කියලා තමයි කියන්නේ. ඔය කියන චිත්‍රපට පෝලිම හැමදාම තියෙනවා. 2016 දී චිත්‍රපට සංස්ථාවට යද්දිත් ඔය චිත්‍රපට අසූවේ පෝලිමේ තිබුණා. පෞද්ගලික මට්ටමෙන් චිත්‍රපට රිලීස් වෙද්දිත් එයාලට හොඳයි කියලා හිතිච්ච චිත්‍රපට එළියට දානවා. අපේ චිත්‍රපට තාම පෝලිමේ.

දැන් නැඟෙන චෝදනාවක් තමයි පෝලිමේ තියෙන චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නුසුදුසු චිත්‍රපට කියන එක..?

එහෙනම් චිත්‍රපට සංස්ථාවට පුළුවන් වෙන අයට පෙන්නලා, එය එක් එක් අංශවලට බෙදලා චිත්‍රපටයේ නිෂ්පාදකවරුන්ට කියන්න 'මෙය පෙන්නන්න බැරි චිත්‍රපටයක්' කියලා. මේ වගේ චිත්‍රපට හදන්න එපා කියලා කෙළින්ම කියන්න පුළුවන්නේ.

අනෙක් මණ්ඩලවලට චිත්‍රපට පෙන්නලා තිබ්බේ නැද්ද?

මම මගේ චිත්‍රපටය මණ්ඩල කිහිපයකට පෙන්නලා තිබුණා. ඒ මණ්ඩලවලින් මගේ චිත්‍රපටය රිලීස් කරන්න කැමැති වුණා. ඊට පස්සේ ප්‍රශ්න කිහිපයක් ආවනේ. ඒකයි අපේ චිත්‍රපටය තාමත් පෙන්වන්න නොහැකි වුණේ. අපිට පස්සේ කරපු චිත්‍රපට එහෙන් මෙහෙන් පැනලා ප්‍රදර්ශනය වෙනවා.

චිත්‍රපටයේ නම වෙනස් කළා කියන්නේ ඇත්තද?

චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි කරන්න යද්දි මගේ චිත්‍රපටයට දාලා තිබ්බේ "රන්දෝණි" කියන නම. ඒ වගේ නම තියෙන චිත්‍රපටයක් මීට කලින් ලියාපදිංචි වෙලා තියෙන නිසා මගේ චිත්‍රපටයට ඒ නම දෙන්න බෑ කියන ප්‍රශ්නය ආවා. හැබැයි ඒ නමින් චිත්‍රපටයක් හැදිලා තිබ්බේ නෑ. පාරේ යන ඕන කෙනෙක්ට පුළුවන් ඇගි්‍රමන්ට් දාගෙන ගිහින් චිත්‍රපටයක් ලියාපදිංචි කරන්න. ඒ තත්ත්වයත් නැතිවිය යුතුයි. චිත්‍රපට සංස්ථාවට ගියාම චිත්‍රපටයක් කරන එකත් එපා වෙනවා.

ඔබේ ආරම්භයත් මතක් නොකළොත් අඩුවක් නේද?

1989, 1990 කාලේ තමයි මම ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ. මගේ ගම වැලිමඩ උෟව පරණගම. පාසල් කාලේ ඉඳන් කලා කටයුතුවලට හැකියාව මට තිබුණා. මම කොළඹ ආවේ 1989දී. ඒ කාලේ 'එය මෙසේ සිදුවිය' කියන වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. කොළඹ ඉඳගෙන බොහෝම අමාරුවෙන් වේදිකා නාට්‍ය බලන්න හුරුවුණා. ඊට පස්සේ මම මායා ශක්ති වැඩමුළුවට සම්බන්ධ වුණා.

ජයන්ත චන්ද්‍රසිරිගේ නාට්‍යවල වේදිකා පරිපාලනයටත් මම එකතු වුණා. ජයන්ත චන්ද්‍රසිරි මහත්මයත් එක්කම මම ක්ෂේත්‍රයේ ගොඩනැඟුණා. දඬුමස්නාමානයේ මම තුන්වැනි සහාය අධ්‍යක්‍ෂවරයා වුණා. රැජින නාට්‍යයේ පළමු සහාය අධ්‍යක්‍ෂ වුණා. ධර්මසිරි බණ්ඩාරනායක, වසන්ත ඔබේසේකර යටතේ වැඩ කරලා තියෙනවා. විශාල පිරිසක් එක්ක සම්බන්ධ වෙලා ප්‍රායෝගිකව මම බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම ටෙලි නාට්‍ය අටක් දහයක් විතර කරලා තියෙනවා. මාධ්‍යවලත් කාලයක් වැඩ කළා. එංගලන්තයට ගිහින් වසර හතරක් ඉඳලා ඇවිත් මම මෙගේ නිර්මාණ කටයුතු ආයේ පටන් ගත්තා. පිනිවැස්ස, සඳ මැදියම, සිරිවාසල, සත්‍යා වගේ නාට්‍ය කිහිපයක් මම කළා.

අලුත් ටෙලි නාට්‍යයක් කළේ නැද්ද?

සාලිය අශෝකමාලා කියලා නාට්‍යයක් කළා. එහි කොටස් පහළොවක් කරලා ඉවරයි. අපි කියන මිලකට ආවොත් තමයි ඒ නාට්‍ය දිගටම කරන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon