දැරණියගල ප්‍රාදේශීය සභාවේ පුරප්පාඩු රැසක්

  👤  1451 readers have read this article !
Published by : MB WEB 2018-10-16 09:01:59

කොටියාකුඹුර _ කුමාරසිංහ ගුණදාස

දැරණියගල ප්‍රාදේශීය සභාවේ මුරකරුවන් විශ්‍රාම යෑම, සනීපාරක්ෂක කම්කරුවන් සේවය හැර යෑම, වාහන තිබුණාට රියැදුරන් නොමැති වීම හේතුවෙන් නගරය පිරිසුදු කරගැනීම් ආදී එදිනෙදා කළයුතු කාර්යයන් කරගැනීමේ අපහසුතාවකට මුහුණපෑමට වී ඇතැයි සභාපති ඒ.බී.ඩබ්ලිව්. ලක්ෂ්මන් රාජකරුණා මහතා පවසයි. සභාවට පවරා ඇති පුරනැඟුම ගොඩනැඟිල්ලේ විශාල භාණ්ඩ රැසක් ඇත. ඒ සඳහා භාරකරුවෙක්ද පත්කර නොමැත. එහිද පුරප්පාඩුවක් ඇත.

මෙයට අනිවාර්යයෙන්ම මුරකරුවකු යෙදිය යුතුය. මෙම වර්ෂයේ මුරකරුවන් තිදෙනෙක් විශ්‍රාම ගියා. දැන් මුරකරුවන් තිදෙනකු අවශ්‍යයි.

සනීපාරක්ෂක කම්කරුවන් තිදෙනකු අවශ්‍යව තිබියදී තිදෙනකු සේවය හැර ගියා. දැන් ‍ෙදාළොස් දෙනකුගේ වැඩට හය දෙනකු පමණයි සිටින්නේ.

නගරය පවිත්‍ර කර ඉරිදා සතිපොළේ කසළ බැහැර කිරීමට දින 2ක් ගියා. සභාවට අයත් බැකෝ යන්ත්‍ර 2ක්, ට්‍රැක්ටර් 3ක්, කැබ්රථ 2ක්, ටිපර් එකක්, කැකුරු 2ක්, වතුර බවුසර් 2ක්, මොලරෝ 1ක්, ත්‍රිරෝද රථ 2ක් සමඟ වාහන 15ක් තිබුණත් රියැදුරන් සිටින්නේ 5 දෙනෙක් පමණයි.

මෙම වාහන පිරිසුදු කර තබාගැනීමටද අපහසු තත්ත්වයක පවතිනවා.

මේ සඳහා අවශ්‍ය සේවකයන් බඳවා ගැනීමට සබරගමුව පළාත් කොමසාරිස්වරයාගෙන් අනුමැතිය ඉල්ලා සිටියද ආණ්ඩුකාරවරියගේ අනුමැතිය නොලැබීම නිසා මහත් අපහසුතාවකට පත්ව ඇතැයිද පවසයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon