බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් පිලත් ශ්‍රී ලංකාවේ නිල නොවන ටෙස්ට් තරගාවලිය අද ඇරැඹෙයි

  👤  1549 readers have read this article !
Published by : MB WEB 2018-10-16 07:01:34

සංචාරක බංග්ලාදේශ යොවුන් ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන නිල නොවන සිවු දින ටෙස්ට් තරග 2ක් හා එක්දින තරග 5ක්ද ඇතුළත් ක්‍රිකට් තරගාවලියේ පළමු ටෙස්ට් තරගය එන්.සී.සී. ක්‍රීඩාංගණයේදී අද (16දා) ආරම්භ වේ.

මෙම තරග සංචාරයේ සමාරම්භය සටහන් වන මෙම තරගය 19 වැනිදා දක්වා පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය ඔක්තෝබර් 23 වැනිදා සිට 26 වැනිදා දක්වා කටුනායකදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලිය ඔක්තෝබර් 30 වැනිදා රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයෙන් ඇරැඹෙන අතර නොවැම්බර් 1වැනිදා සහ 3 වැනිදාට යෙදී ඇති දෙවැනි සහ තෙවැනි එක්දින තරගයන්ද එම ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට කටයුතු යොදා තිබීම විශේෂත්වයකි. සිවු වැනි එක්දින තරගය නොවැම්බර් 6 වැනිදාත් අවසන් එක්දින තරගය 9 වැනිදාත් කටුනායකදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වෙතත් සිවු දින යොවුන් ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පසුගිය ආසියානු යොවුන් ක්‍රිකට් කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවූ නිපුන් ධනංජයට පැවැරී ඇත.

සිවු දින නිල නොවන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ලත් ශ්‍රී ලංකා කණ්ඩායම -

කමිල් මිෂාර, නවෝද් පරණවිතාන, දිනෙත් ජයකොඩි, නිපුන් ධනංජය(නායක), සොනාල් දිනුෂ, මොහමඩ් ෂමාස්, ජනිත් පෙරේරා, දුනිත් වෙල්ලාලගේ, සඳුන් මෙන්ඩිස්, වී.කාන්තන්, ඒ.දිල්හාර, සී.කලිඳු, රොහාන් සංජය, සී.විජේසිංහ, නවින් ප්‍රනාන්දු, අෂේන් ඩැනියෙල්.

අතිරේක ක්‍රීඩකයන් - එම්.සී.ප්‍රේමදාස, ප්‍රවීන් ද සිල්වා, ආර්.ද සිල්වා, අවිෂ්ක තරිඳු

ඡායාරූපය - අනුරුද්ධ මැදවත්තේගෙදර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon