සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගයේ තෙවන ස්ථානය තඹුත්තේගම නිපුනිට

  👤  1650 readers have read this article !
Published by : MB WEB 2018-10-17 10:22:49

තලාව - එල්. අනුර

මගේ අනාගත බලාපොරොත්තුව කවදා හෝ ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩා තරගවලට සහභාගි වී ලංකාවට අභිමානයක් රැගෙන ඒම යැයි 34 වැනි පාසල් සමස්ත ලංකා වයස අවුරුදු විස්සෙන් පහළ තරග ඉසව්වක් සඳහා ඉදිරිපත් වෙමින් ලංකාවෙන් තෙවන ස්ථානයට පත් වූ ආර්.එම්. නිපුණි රසාංගිකා ශිෂ්‍යාව පැවසුවාය.

මෙවර සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ අවුරුදු විස්සෙන් පහළ කාන්තා මීටර් 400 කඩුලු මතින් දිවීමේ තරගය සඳහා ඉදිරිපත්වූ තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ බෙල්ලන්කඩවල විද්‍යාලයේ ශිෂ්‍යාවකට ජයග්‍රහණය ලැබිණි.

තඹුත්තේගම සඳසිරිගම පදිංචි ආර්.එච්.එම්. විජේරත්නබණ්ඩා මහතා සහ ආර්. ඉරෝෂා මහත්මිය එම ශිෂ්‍යාවගේ මවුපියෝ වෙති. ශිෂ්‍යාව 2017 වර්ෂයේ පැවැති සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගවලටද සහභාගි වී ජයග්‍රහණ ලබා තිබේ.

ඇයට මෙම ක්‍රීඩා ඉසව්වෙන් ජය ගැනීමට අවශ්‍ය පුහුණුව සහ ශක්තිය ලබාදී තිබුණේ බෙල්ලන්කඩවල මහා විද්‍යාලයේ ක්‍රීඩා පුහුණු ගුරු අනුරුද්ධ අමරකෝන් මහතා සහ එම විද්‍යාලයේම ක්‍රීඩා පුහුණු ගුරුවරිය වන ටී.එම්.ආර්. දමයන්ති මහත්මියයි.

විදුහල්පති සුමනරත්න මහතා -
මෙම ශිෂ්‍යාවගේ පුහුණු කටයුතුවලට පාසලේ සියලු ගුරුවරු ඉතා කැපවීමකින් කටයුතු කළා. මේ ශිෂ්‍යාව ඉතා දක්ෂ ක්‍රීඩිකාවක් නිසා අපේ පාසලට අද කීර්තියක් ලැබිලා තිබෙනවා.

මේ දරුවාගේ ක්‍රීඩා පුහුණු කිරීම් භාරව සිටින ගුරු මහතා සහ ගුරු මහත්මියගේ තිබුණු දැඩි කැප කිරීම නිසයි අපේ පාසලේ ක්‍රීඩිකාවකට සමස්ත ලංකා ක්‍රීඩා තරගයකින් ජයග්‍රහණයක් ලබාගන්න හැකි වුණේ.

විදුහල්පති සුමනරත්න මහතා, ක්‍රීඩා පුහුණු ගුරු අනුරද්ධ අමරකෝන් මහතා, ආර්.එම්. නිපුණි රසාංගිකා ශිෂ්‍යාව, ක්‍රීඩා පුහුණු ගුරුවරියක වන ටී.එම්.ආර්. දමයන්ති මහත්මිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon