හිටපු ජනපතිගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම අද

  👤  2006 readers have read this article !
Published by : MB WEB 2018-10-17 06:21:13

ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධිත පිහිටුවන ලද ශ්‍රී ලංකා පොදුජන ඉන්ජිනේරු පෙරමුණ එළිදැක්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17දා) ප.ව. 5.00ට කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් අනුව පක්ෂයේ අනු සංවිධානයක් ලෙස මෙම පොදු ජන ඉන්ජිනේරු පෙරමුණ පිහිටුවා ඇත. "වඩා යහපත් අනාගතයක් උදෙසා ඉන්ජිනේරුවරුන්ගේ කාර්යභාරය" යන තේමාව යටතේ අද පැවැත්වීමට නියමිත සමාරම්භක උත්සවයේදී ඉන්ජිනේරුවන්ගේ කාර්යයභාරය පිළිබඳ විද්වත් කතිකාවතක්ද පැවැත්වීමට නියමිත අතර මෙහි ප්‍රධාන දේශනය මහාචාර්ය රංජිත් දිසානායක මහතා විසින් පැවැත්වීමට නියමිතය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon