තෙබුවන සැරයන්ට ජනපතිගෙන් ලක්ෂ 10ක්

  👤  1840 readers have read this article !
Published by : MB WEB 2018-10-17 10:20:08

නුවන් හෙට්ටිආරච්චි

තෙඹුවන පොලිසියේ සැරයන් සනත් ගුණවර්ධන මහතාට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුපියල් ලක්‍ෂ 10ක මුදලක් පරිත්‍යාග කර ඇත.

ජනාධිපතිවරයා මුණ ගැසීම සඳහා ඊයේ (16දා) දහවල් පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා ජනාධිපති කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මෙම මුදල ජනාධිපතිවරයා විසින් පරිත්‍යාග කර ඇත.

පසුගියදා තෙබුවන නගරයේ සිදු වූ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් සේවය අත්හිටුවනු ලැබූ නිසා මුහුණ දී ඇති ආර්ථික දුෂ්කරතාවන් සහ ඔහුගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබා දිය යුතු සහාය සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයා මෙම රුපියල් ලක්‍ෂ 10ක මුදල පරිත්‍යාග කර ඇත.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon