රුක්මණී දේවිගේ 40 වැනි ගුණ සමරුව 29දා මීගමුවේදී

  👤  1330 readers have read this article !
Published by : MB WEB 2018-10-17 15:47:44

සිංහල සිනමාවේ අග්‍රගණ්‍ය නිළිය ලෙසින් හා ශ්‍රී ලාංකේය ගායන ලෝකයේ ගීත කෝකිලාවිය නමින් හැඳින්වෙන ඩේසි ඩැනියෙල්ස් හෙවත් රුක්මණී දේවියගේ 40 වැනි ගුණ සමරුව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ මස 29දා පෙ.ව. 10.00ට මීගමුව රුක්මණී දේවි රඟහලේදී පැවැත්වේ.

උසස් අධ්‍යාපන ඇමැතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම මීගමුව ප්‍රදේශයේ පාසල් දරු දැරියන් 400ක් පමණ සහභාගි වීමට නියමිතය.

එදින මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ ටවර් හෝල් රඟහල පදනමේ අධ්‍යක්‍ෂ (නාට්‍ය ප්‍රවර්ධන, අධ්‍යාපන හා වැඩසටහන්) සමන් සොයිසා මහතා විසිනි.

මෙරට සිංහල සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ කඩවුණු පොරොන්දුව චිත්‍රපටයේ රංජනීගේ චරිතයට පණ පොවමින් සිනමාවට ප්‍රවිෂ්ට වූ රුක්මණී දේවිය වේදිකා නාට්‍ය හරහා රංගන දිවිය අරඹා ඇත. එසේම ඇය රිදී තිරයේ චිත්‍රපට සියයකට අධික සංඛ්‍යාවකට රංගනයෙන් දායක වී තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon