ශ්‍රී ලංකා ඉන්දීය අගමැතිවරු අතර ඉහළ පෙළේ සාකච්ඡාවක්

  👤  1427 readers have read this article !
Published by : MB WEB 2018-10-18 09:34:04

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා අතර ඉහළ පෙළේ සාකච්ඡාව ඔක්තෝබර් 20 වන දා නවදිල්ලි නුවරදී පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉන්දීය නිල සංචාරයේ දී විදේශ ඇමතිනි ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ්, ස්වදේශ ඇමති රාජනාත් සිං ඇතුළු ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

තරුණ කටයුතු, ව්‍යාපෘති කළමනාකරණ සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම යන මහත්වරුන් සමග අග්‍රාමාත්‍ය කාර්යාලයීය නිලධාරීහු මේ සංචාරයට එක්වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon