රුසියාව ඈඳාගත් ක්‍රිමියාවේ කාර්මික විද්‍යාලයක සිදු වූ වෙඩි ප්‍රහාරයකින් 19 දෙනෙකු මරුට

  👤  1273 readers have read this article !
Published by : MB WEB 2018-10-18 13:29:01

2014 වසරේ රුසියාවට ඈඳාගත් ක්‍රිමියාවේ විද්‍යාලයකට එල්ල වූ ප්‍රහාරයකින් ග්‍රිනිච් වේලාවෙන් බදාදා පස්වරු 5.00 වනවිට පුද්ගලයන් 19 දෙනෙකු මියගොස් ඇති අතර තවත් විශාල ප්‍රමාණයක් තුවාල ලබා තිබේ.

ප්‍රහාරය සිදු වූ අවස්ථාවේ එය "හඳුනානොගත් භාණ්ඩයක් පිපිරීමෙන්" ඇති වූවක් ලෙස පැවසූවද, සියලුම පුද්ගලයන් මියගොස් ඇත්තේ කාර්මික විද්‍යාලය තුළ සිදුවූ වෙඩි ප්‍රහාරයකින් බව නිලධාරියෝ පවසති. මෙම කාර්මික විද්‍යාලය පිහිටා ඇත්තේ කර්ච් (Kerch) නගරයේය.

කාර්මික විදුහලේම අධ්‍යාපනය ලබන 18 හැවිදිරි ව්ලදිස්ලාෆ් රෝස්ලියාකොෆ් (Vladislav Roslyakov) නම් තරුණයෙකු මෙම ප්‍රහාරයට වගකිව යුතුයැයි හඳුනාගෙන ඇති අතර පසුව ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි රුසියානු බලධාරීහු පවසති.

ගොඩනැගිල්ල ඇතුළත සිටි පිරිස ඉලක්ක කරමින් ව්ලදිස්ලාෆ් රෝස්ලියාකොෆ් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති බව විශ්වාස කෙරේ.

මෙය "ත්‍රස්ත ප්‍රහාරයක්" ලෙස ප්‍රථමයෙන් හැඳින්වූවත්, පසුව එය "සමූල ඝාතනයක්" බව සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වන කමිටුව තහවුරු කර සිටී.

ජාතික ආරක්ෂක අංශ සිද්ධිය වූ ස්ථානයට පිටත් කර තිබේ.

ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් වැඩි දෙනෙකු කාර්මික විද්‍යාලයේ සිසුන්ය. මෙහි ශිෂ්‍යයෝ 850 ක් පමණ අධ්‍යාපනය ලබති.

තුවාල ලැබූ පුද්ගලයන් රෝහල වෙත රැගෙන යන ලද අතර, හදිසි සේවා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon