පාසල් මලල ක්‍රීඩා උත්සවයේ තුන්පිම්ම ඉසව්වේ දෙවැනි ස්ථානය තඹුත්තේගම සෙව්වන්දිට

  👤  989 readers have read this article !
Published by : MB WEB 2018-10-19 14:20:57

රාජාංගණය - කේ.එම්. චන්දික

2018 වර්ෂයේ සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 18න් පහළ බාලිකා තුන්පිම්ම ඉසව්වෙන් දෙවැනි ස්ථානය තඹුත්තේගම මහ විදුහලේ එන්.ඒ. වයි. සෙව්වන්දි ක්‍රීඩිකාව දිනාගෙන ඇත.

මෙම තරගාවලිය කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තඹුත්තේගම මහ විදුහල සමස්ත ලංකා මට්ටමේ ජයග්‍රහණයක් හිමිකරගෙන ඇත්තේ වසර 10කට පසු වීම විශේෂත්වයකි. මෙම ක්‍රීඩිකාව මීට පෙර රාජාංගණය යාය 5 විදුහලේ ඉගෙනුම ලබා ඇති අතර එහිදී මෙම තරගයෙන් සමස්ත ලංකා තරග හතරකට සහභාගි වී එම අවස්ථා හතරේදීම ජයග්‍රහණ ලබා තිබීමද විශේෂත්වයක් වේ.
පුහුණුකරු වශයෙන් කටයුතු කර ඇත්තේද එස්. ජීවන් සිල්වා ගුරු මහතායි.

ඇයගේ දක්ෂතාව මීටර් 11.65ක් විය.

තඹුත්තේගම විදුහලේ විදුහල්පති සුනිල් ජයසිංහ, ක්‍රීඩා අංශ ප්‍රධානී යූ.ජී. නන්දාවතී, ක්‍රීඩා උපදේශක එස්. ජීවන්ද සිල්වා සමඟ ජයගත් ක්‍රීඩිකාව මෙම ඡායාරූපයේ වෙති.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon