අරණායක ජනතාවට ලැබෙන පානීය ජලය අපිරිසුදුයි -මන්ත්‍රිනි චන්ද්‍රිකා ජයරත්න කියයි

  👤  1606 readers have read this article !
Published by : MB WEB 2018-10-19 08:04:43

මාවනැල්ල - කේ.වී. බණ්ඩාර, අරණායක - රත්න හෙම්මාතගම

මම සභාවාර කිහිපයකදීම පැවැසුවා අරණායක ජනතාවට ලැබෙන පානීය ජලය අපිරිසුදුයි කියලා. මම ඡායාරූප කිහිපයකුත් ගෙනාවා. මේ ඡායාරූපවල තියෙන්නේ බීම බෝතලයක් නෙවෙයි. බීමට ගන්න ජලයයි. මේ බීමට ගන්නා ජලය බෝතලයට එකතු කරලා තිබුණොත් ටික වේලාවකින් බෝතලේ යට අඩියේ මඩ මිදෙනවා යැයි අරණායක ප්‍රාදේශීය සභාවේ පාලක පක්ෂයේ මන්ත්‍රිවරියක වන චන්ද්‍රිකා ජයරත්න මහත්මිය ප්‍රකාශ කළාය.

ඇය මේ බව ප්‍රකාශ කළේ 16දා පැවැති අරණායක ප්‍රාදේශීය සභාවේදී අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රිවරිය,

අරණායක නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවකට ජල සම්පාදන මණ්ඩලය මඟින් නිරතුරුව බෙදාහරින මඩ වතුර සහිත පානීය ජල සැපයුම යටතේ බෙදාහරින ජලයේ පවතින තත්ත්වයයි.

මෙය බීමට තබා රෙදි කෑල්ලක්වත් සෝදා ගැනීමට නුසුදුසු තත්ත්වයක පවතින මෙම ජලය සම්බන්ධයෙන් ජල පාරිභෝගිකයන් කොතෙක් පැමිණිලි කළද ජල සම්පාදන මණ්ඩලයේ අදාළ බලධාරීන් නොසලකා හැර තිබීම නිසා මෙම මඩ වතුර බෙදාහැරීම දිගින් දිගටම වන අතර මෙම ජලය පරිහරණය කරන බොහෝදෙනකු මේ වන විට උදරාබාධ ඇතුළු රෝග ගණනාවකට ගොදුරු වී සිටින බවට චන්ද්‍රිකා ජයරත්න මන්ත්‍රිවරිය පැවැසුවාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon