වර්ෂාවෙන් හානි වූ ලුනූවලට මිලක් නෑ -ගලේවෙල හා දඹුල්ල ගොවීහු පවසති

  👤  1624 readers have read this article !
Published by : MB WEB 2018-10-19 08:22:57

ගලේවෙල - තිලක් පල්ලේගෙදර

ඉන්දියාවේ සිට ලූනු ආනයනය කිරීම නතර නොකිරීම නිසා වර්ෂාවෙන් හානි වූ ලූනු අස්වැන්නට සාධාරණ මිලක් ලැබී නැති බව ගලේවෙල හා දඹුල්ල ගොවීහු පවසති. මේ සම්බන්ධයෙන් කරුණු දැනගැනීමට පෙරේදා (15දා) ගලේවෙල ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපට පට්ටිවෙල ප්‍රදේශයේ අක්කර 25ක පමණ ලූනු වගාවක් කර ඇති එස්.ඒ. රත්නපාල මහතා මෙසේ පැවැසීය.

'මෙවර මගේ අස්වැන්නෙන් කිලෝ 50,000ත් 60,000ත් අතර ප්‍රමාණයක් වර්ෂාවට අහුවුණා. ඒවා කිලෝ එකක් දඹුල්ල ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේදී මිලට ගන්නේ රුපියල් 20ත් 45ත් අතර මුදලකටයි. ඇතැම් දිනවල එම මිලවත් නෑ. මේ අන්දමට මිල අඩුවී ඇත්තේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද ලූනු ආර්ථික මධ්‍යස්ථානයේ ගොඩගසා තිබීම නිසායි. ලූනු කිලෝවක් නිපදවීමට රුපියල් 60ක් වැය වීමේ පසුබිමක් තුළ වෙළෙඳපොළේ දැන් පවතින මිලට ලූනුු අලෙවි කිරීමෙන් ගොවීන්ට දරා ගත නොහැකි පාඩුවක් සිදු වෙනවා. ඉන්දියාවෙන් ගෙනා තොග කිලෝවක් ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ අලෙවි කරන්නේ රුපියල් 80කටයි.

ආනයනය කිරීම නතර කර ගොවීන්ට සහන දෙන බවට කෘෂිකර්ම අමාත්‍යාංශය පොරොන්දු වුණත් මේ වනතුරු එය ඉටු වෙලා නෑ. ගොවීන්ගේ නිවෙස්වල වර්ෂාවට අසුවූ ලූනු කිලෝ දහස් ගණනක් ගොඩගසා තිබෙනවා. කල් තබා ගැනීමට නොහැකි නිසා ඒවා කුණු වී ඉවත දමන්නට වෙලා. ඒ අතර කම්කරුවන්ට කුලිය වශයෙන් විශාල මුදලක් ගෙවීමට සිදුවෙලා. මේ නිසා වහාම ආනයනය නතර කර වර්ෂාවෙන් හානි වූ ගොවීන්ගේ ලූනුුවලට සාධාරණ මිලක් ලබා දෙන මෙන් රජයෙන් ඉල්ලා සිටිනවා යැයි පැවැසීය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon