ලංකාවේ ක්‍රිකට් දූෂකයින්ගේ නම් හෙළිකරන අයි.සී.සී.යේ මාෂල්ගේ වාර්තාව අද එළියට !

  👤  1676 readers have read this article !
Published by : MB WEB 2018-10-19 09:01:47

ශ්‍රී ලංකාවට පැමිණ සති තුනක පමණ කාලයක් විමර්ශන කටයුතු වල නිරතවූ ඇලෙක්ස් මාෂල් ප්‍රමුඛ අයි.සී.සී. දූෂණ චමර්දන ඒකකයේ අවසන් වාර්තාව අද (19දා) හෝ හෙට නිකුත් කරන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය වසරක පමණ කාලසීමාවකට අදාළව සිදුකරන ලද විමර්ශණ කටයුතුවලදී ලද නිරීක්‍ෂණයන්ට අනුව ගත් නිගමනයන්ගෙන් මෙකී වාර්තාව සකස් කරන ලදැයි දැනගන්නට ඇති අතර, මෙරට ක්‍රිකට් ක්‍ෂේත්‍රයේ නමක් දිනා සිටින දැවැන්තයින් කිහිප දෙනෙකුද ක්‍රිකට් තරග පාවාදීම් ඇතුළු දූෂණ කටයුතුවලට සම්බන්ධ වූ අයුරු මෙමඟින් හෙළිදරව් වනු ඇතැයිද පැවැසේ.

කෙසේ වෙතත් අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ප්‍රධානී මෙන්ම සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාෂල් පවසන පරිදි ශ්‍රී ලංකාව යනු ක්‍රිකට් දූෂණ සම්බන්ධයෙන් පරීක්‍ෂණයන්ට භාජනය කළ පසුගිය මාස 12ක කාලය තුළ ඉදිරියෙන්ම සිටින රටයි. ඔහුට අනුව ඒ සම්බන්ධයෙන් 2වැනි තැන ගෙන ඇත්තේ සිම්බාබ්වේ රාජ්‍යයයි. එසේම මේ පිළිබඳව මාධ්‍යයට කරුණු අනාවරණය කර ඇති මාෂල් වැඩිදුරටත් පවසා ඇත්තේ ස්ථිර වශයෙන්ම කරුණු සනාථ කරගෙන වැරැදිකරු බවට තීන්දු කරන තුරු කිසිදු චූදිතයෙක් පිළිබඳව නම් හෙළිනොකරන බවයි.

නමුත් මේ වන විට මෙරට ක්‍රීකට් ‍ෙක්‍ෂත්‍රයේ කිහිප දෙනකුගෙන් ප්‍රශ්න කර ඇතත් හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයකු මෙන්ම ජාතික තේරීම් කමිටු සභාපතිවරයකුද වූ සනත් ජයසූරියට පසුගිය සතියේ චෝදනා බාරදීමට අයි.සී.සී.ය පියවර ගත්තේය. ඔහුට එරෙහිව මේ වන විට චෝදනාව වී ඇත්තේ අයි.සී.සී. දූෂණ මර්දන ඒකකයේ ශ්‍රී ලංකාව තුළ සිදුකරන පරීක්‍ෂණවලට සහයෝගය නොදීමත් අදාළ තොරතුරු වසන් කිරීමත්ය. එකී චෝදනාවලට පිළිතුරු දීමට සනත්ට දින 14ක කාලයක් ලබා දී ඇතත් ඉන්දියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ සනත්ට අවම වශයෙන් මාස 6කට හෝ උපරිම වශයෙන් වසර 5ක අයි.සී.සී. යෙන් ක්‍රිකට් තහනමක් පැනවීමේ අවදානමක් ඇති බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon