ගාලු කතිකාව 22 හා 23 දෙදින ගාලුමුව‍ෙදාර හෝටලයේදී

  👤  997 readers have read this article !
Published by : MB WEB 2018-10-19 13:43:53

චාමර අමරසූරිය

නව වැනි වරටත් සංවිධානය කරනු ලබන 2018 ගාලු කතිකාව අන්තර්ජාතික සාගරික සම්මන්ත්‍රණය ලබන 22 සහ 23 යන දෙදින කොළඹ ගාලුමුව‍ෙදාර හෝටලයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇතැයි නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානි රියර් අද්මිරාල් පියල් ද සිල්වා මහතා පවසයි.

මෙවර සමුළුව, රටවල් 50ක සහ ජාත්‍යන්තර සංවිධාන 17ක දෙස් විදෙස් නියෝජිතයන් හා සමුද්‍රීය ආරක්ෂක විද්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් 'සහයෝගිතාවය තුළින් සමුද්‍රීය කළමනාකරණය සඳහා ඒකාබද්ධ වීම' යන තේමාව යටතේ පැවැත්වේ. සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගි වන අතර එහි සමාරම්භක දේශනය ජනාධිපතිවරයා විසින් සිදු කෙරේ. නාවික ප්‍රධානීන් 03 දෙනකු ඇතුළු විදෙස් නියෝජිතයන් 137කට අධික පිරිසක් මෙවර සමුළුවට සහභාගි වෙති.

වත්මන් නාවික හමුදාපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ මෙන්ම කලාපීය මුහුදු තීරයේද ආරක්ෂාව තහවුරු කිරීම සහ කලාපීය නාවික හමුදාවන් ඇතුළු ලෝකයේ අනෙකුත් නාවික හමුදාවන් සමඟ සහයෝගිතාවයෙන් කටයුතු කිරීමට මේ සමුළුව තුළින් මනා පිටිවහලක් ලැබෙනු ඇති බවද නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා පැවැසීය.

මෙවර සමුළුව තුළින් වත්මන් සාගරික අභියෝගයන් ජයගැනීම සඳහා ඵලදායී යාන්ත්‍රණයක් සකස් කර ගැනීම සඳහා මෙන්ම කලාපීය විද්වතුන්ගේ සාගරික ගැටලු රාශියකට පිළිතුරු සොයා ගැනීම සඳහා මං සැලසෙනු ඇති බවද හෙතෙම සඳහන් කරයි.

ගාලු කතිකාව සම්මන්ත්‍රණයේ නවතම තොරතුරු ඹඹඹ.ඨචතතඥඤඪචතධඨභඥ.තඬ නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය. එම වෙබ් අඩවිය ඔස්සේ ඔක්තෝබර් 22 සහ 23 යන දෙදින තුළ මේ සමුළුව සජීවීව නැරැඹීමටද පහසුකම් සලසා ඇත.

මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් නාවික හමුදා මූලස්ථානයේදී පසුගියදා (16දා) පැවැති අතර ඒ සඳහා නාවික හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල් රියර් අද්මිරාල් නිරාජ ආටිගල, නාවික මෙහෙයුම් අධ්‍යක්ෂ කොමදෝරු ධම්මික ඩයස් යන මහත්වරුද සහභාගි වූහ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon