යගුළිය විසිකිරීමේ වාර්තාව බිඳ දැමූ මහව විජයබා මැදි විදුහලේ ඉන්දික ලක්‍ෂාන්

  👤  1383 readers have read this article !
Published by : MB WEB 2018-10-23 09:23:12

හිරියාල - කේ.පී. සුනිල්

මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ 12 ශේ්‍රණියේ ඉන්දික ලක්‍ෂාන් බණ්ඩාර 2018 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියේදී වයස අවුරුදු 18න් පහළ බාලක යගුළිය දැමීමේ තරගයේ වාර්තාවක්ද සමඟින් ප්‍රථම ස්ථානය හිමිකර ගෙන ඇත. පසුගිය දිනක කොළඹ සුගතදාස ක්‍රීඩා පිටියේදී මෙම තරගය පැවැත්විණි.

ඉන්දික ලක්‍ෂාන් මීටර් 15.67ක දුරක් යගුළිය විසි කරමින් බිඳ දමනු ලබන්නේ මෙතෙක් මෙම ඉසව්වේ පැවැති මීටර් 15.53ක්වූ වාර්තාවයි. එසේම ඉන්දික ලක්‍ෂාන් පසුගියදා කොළඹදී පැවැති ශ්‍රී මත් ජෝන් ටාබට් ජේ‍යෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේදීද මෙම ඉසව්වේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් බව මහව විජයබා මධ්‍ය විද්‍යාලයේ මලල ක්‍රීඩා පුහුණුකරු අජිත් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

මෙම ජයග්‍රහණ පිළිබඳ අප සමඟ කතා කළ ඉන්දික ලක්‍ෂාන් ප්‍රකාශ කර සිටියේ ක්‍රීඩා පුහුණුකරුගේ මඟ පෙන්වීම හා විදුහල්පති ඩී.එම්. බන්දුල දිසානායක මහතාගේ අනුග්‍රහය මෙම ජයග්‍රහණය සඳහා බෙහෙවින් ඉවහල් වූ බවයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon