ඇල්ල - වැල්ලවාය මාර්ගයේ පස් කඳු කඩා වැටෙයි: ගල් පෙරළෙයි

  👤  1416 readers have read this article !
Published by : MB WEB 2018-10-23 09:21:30

මොනරාගල - සංජීව බණ්ඩාර

වැල්ලවාය - ඇල්ල ප්‍රදේශයන්ට මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඇල්ල - වැල්ලවාය මාර්ගයේ ස්ථාන රැසක ගල් හා පස් කඳු කඩා වැටී ඇතැයි මොනරාගල ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්‍ෂ රවින්ද්‍ර කුමාර මහතා පැවැසීය.

ඉකුත් 19දා දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාව සමඟ විශාල ප්‍රමාණයේ ගල් කුට්ටි 03ක් රාවණා ඇල්ලට ඉහළ කොටසේ ප්‍රධාන මාර්ගයට කඩාවැටී ඇති බවත් එම ගල් කුට්ටි පෙරළීමෙන් වාහන ගමනාගමනයට බාධාවක් නැතත් ගල් කුට්ටිවල විශාලත්වය නිසා ඒවා මෙතෙක් මාර්ගයෙන් ඉවත් කිරීමට අපහසු වී ඇති බවත් ඒ මහතා පැවැසීය.

ඉදිරි කාලයේද ප්‍රදේශවලට අධික වාර්ෂාවක් බලාපොරොත්තු වන හෙයින් විශේෂයෙන් වර්ෂාව සහිත අවස්ථාවන්හි වැල්ලවාය - ඇල්ල මාර්ගයේ වාහන ගමනාගමනයේදී සුපරික්‍ෂාකාරී වන ලෙස මොනරාගල ආපදා කළමනාකරණ ඒකකය රියැදුරන්ගෙන් ඉල්ලීමක් කරයි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon