දෙසැම්බර් 15න් පසු රටේ දේශපාලනය තීරණාත්මකයි

  👤  1474 readers have read this article !
Published by : MB WEB 2018-10-23 12:46:44

රටෙහි ජනාධිපතිවරයා ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණයක් පවතිනවා යන්න සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමාවීම රටේ ජනතාවට ඇති කරන්නේ විශාල කුතුහලයක් බවත් රටෙහි ප්‍රධාන පුරවැසියාගේ ප්‍රශ්නයකට පිළිතුරු දීමට මෙතරම් ප්‍රමාද වෙනවා නම් සාමාන්‍ය ජනතාවගේ නීතිමය ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම පිළිබඳව ජනතාවට බලවත් ගැටලුවක් පැනනඟින බවත් හිටපු ජනාධිපති මහින්ද රාජක්‍ෂ මහතා පවසයි.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය ඉතා බරපතළ කාරණයක් බවත්, එහි පරීක්‍ෂණ මීට වඩා කඩිනම් විය යුතු බවත් ඒ මහතා පැවැසීය.

ජනාධිපති ඝාතන කුමන්ත්‍රණය සහ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව "මව්බිම' කළ විමසීමකදී හිටපු ජනාධිපතිවරයා මෙසේ ද කීය.

ජනාධිපතිවරයා වගේම හිටපු ආරක්‍ෂක ලේකම්වරයාත්, මාවත් ඝාතනය කිරීමේ ප්‍රයත්නයක් පිළිබඳව හෙළිදරව්වීමක් සිදුවුණා. වත්මන් ජනාධිපතිවරයා ඝාතනය කරන්නට යනවා යැයි කීම බරපතළ දෙයක්. මොකද එතුමා දැන් රටේ ජනාධිපතිවරයා.

අද රටේ තියෙන ආර්ථික අර්බුදය වෙනුවෙන් අපි මේ වන විට විද්වත් කමිටු පිහිටුවලා තිබෙනවා. මේ ආණ්ඩුව පෙරළා දමීමට සියලු පෙරමුණු එකතු වෙලයි ඉන්නේ. ඒකාබද්ධ විපක්‍ෂයත් ඊට සූදානම්. එළැඹෙන දෙසැම්බර් 15 වැනිදායින් පසු කාලය දේශපාලනයේ තීරණාත්මක කාලයක් බවට පත්වේවි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon