ජෝන් ජේම්ස්: අවධානය ගැනීමට අවදානම් වැඩ කළ රැප් ගායකයා මරුට

  👤  1872 readers have read this article !
Published by : MB WEB 2018-10-25 13:25:49

ගීතයක රූගත කිරීම් අතරතුර සැහැල්ලු ගුවන් යානයක් මත ඇවිද යාමට උත්සහ කළ කැනේඩියානු රැප් ගායකයෙකු එම ගුවන් යානයෙන් වැටී මිය ගොස් තිබේ. එම අනතුර සිදුව ඇත්තේ, බ්‍රිට්ෂ් කොලම්බියාහිදීය.

34 හැවිරිදි ජෝන් ජේම්ස් නමින් ප්‍රකට ජෝන් ජේම්ස් මැක්මරේ පියාසර කරමින් තිබූ ගුවන් යානයේ තටුවක් මත ඇවිද යාමට උත්සහ කළ අවස්ථාවේ එම ගුවන් යානය පාලනය කර ගැනීමට නියමුවා අසමත් වී තිබිණි.

සිය පැරෂුටය විවෘත කර ගැනීමට ද මැක්මරේ අපොහොසත් වී ඇති අතර ඔහු දීර්ඝ වේලාවක් යානයේ එල්ලී සිටි බව ඔහුගේ කළමනාකරු පවසයි. මෙම අනතුර හේතුවෙන් ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, සෙනසුරාදාය.

මැක්මරේගේ කළමනාකරු පැවසුවේ, "මෙම දර්ශනය සඳහා ඔහු ඉතා හොඳින් පුහුණුවක් ලැබූ" බවය.

රැප් ගායක ජෝන් ජේම්ස් සිය ගීතවල දර්ශන සඳහා කරන අනතුරුදායක රංගනයන් නිසා වඩාත් ජනප්‍රිය වී සිටියේය. "The Man" නමැති ගීතය වෙනුවෙන් ඔහු වරක් පියාසර වෙමින් පැවති ගුවන් යානයකින් පිටතට පැන තිබිණි.

කැනඩාවේ කැල්ගරි ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) පිටුව සමග සම්බන්ධ වී සිටින රසිකයින් සංඛ්‍යාව 17,000කට අධිකය. ඔහු එම සමාජ වෙබ් පිටුවෙහි සිය අනතුරුදායක රංගනයන් සහිත වීඩියෝ දර්ශන නිරන්තරයෙන් මුදා හැරීමට පුරුදුව සිටියේය.

ඔහුගේ කළමනාකරු ලෙස ක්‍රියා කළ රයන් ඩෙස්රෝෂර්ස් පැවසුවේ, ඔහු සිය ගීත නිර්මාණ සඳහා අනතුරුදායක ක්‍රීඩාවල නිරත වූ අතර ඒ තුළින් ඔහුගේ ගීත "නව මානයකට" ගෙන යාමට උත්සහ දැරූ බවය.

මැක්මරේ අනතුරින් ජීවිතක්ෂයට පත්වුවද, ගුවන් යානය යළිත් පාලනය කර නිරුපද්‍රිතව ගොඩ බැස්වීමට ගුවන් නියමුවා සමත්ව තිබේ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon